ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත.
චීනය සහ ඉරානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
වර්ගවාදය ඇමෙරිකානු සමාජය තුළ මුල් බැස රෝගයක් යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියෑන්ග් අද (2) පැවැසීය. චීනයේ බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතාවලින් වර්ගවාදය කොතරම් විශාල ප්‍රශ්නයක් වී ඇත් ද යන්නත් එහ බරපතළකම මෙන්ම ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වය ද පෙනී යන බව ඔහු කීවේය.
ඇමෙරිකානු ආණ්ඩුව සහ පොලිසිය ඔවුන්ගේම වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි අවධාරණය කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි පැවැසීය.
‘‘අපි ඇමෙරිකානු බලධාරීන්ටත් පොලිසියටත් අවධාරණය කරනවා. තමන්ගෙම මිනිස්සුන්ට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය නවත්වන්න. ඔවුන් හුස්ම ගන්න දෙන්න’’ ඉරානයේ තෙහ්රාන් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්බාස් මුසාවි ඊයේ (1) පැවැසීය.
‘‘ඇමෙරිකානු ජනතාවට අපි කියන්න ඕනේ. ලෝකය ඔබ සමඟ සිටිනවා’’ යැයි ද ඔහු කීය. ඇමෙරිකානු පොලීසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉරානය කම්පාවට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.
අල්ජසීරා
055
COMMENTS
හරියටම හරි. චීනයට සහ ඉරානයට මගේ ආචාරය. හැබැයි ලංකාවට කොන්දක් නැහැ එහෙම කියන්න. ලංකාවේ ඇමරිකානු පුරවැසියෙක් නැතුව ශ්‍රී ලාංකික පුරවැසියෙක් ජනාධිපති වුනා නම් ඉතාම අමානුෂික විදිහට සුළු ජාතිකයෙක් මරපු ඇමරිකාවට විරුද්ධව ඉස්සෙල්ලම කතා කරන්නේ ලංකාව... ජනාධිපතිවරණ කාලේ කැහගහපු ගිහි පැවිදි හොර දේශප්‍රේමීන් ඔක්කොම අද හැංගිලා... හරි නම් අද ඉන්න ඕනේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහයි.
ට්‍රම්ප් පාලනයත්, පොලීසිය කළ දේත්, ශිෂ්ඨ වූ කිසිවෙකු හට අනුමත කරන්නට බැහැ. ඒ වගේම චීනය හා ඉරානය ගැණත් චරිත සහතික දෙන්න බැහැ. ලොව පුංචි රටක් වන අප මේවා තියෙන්නට ගියොත් අපට වෙන්නේ අලින්ට උදව් කරන්නට ගිය වඳුරාට වෙච්ච දේයි. ඒ නිසා අප පැත්තකට බර නොවී මැදිහත්ව සිටීම නුවණට හුරුයි නේද?
ලංකාණ්ඩුවට ජාතිවාදී කියල, මානව හිමිකම් කඩ කරනවා කියල, සුළු ජාතින් මර්දනය කරනවා කියල බොරු චෝදනා කරපු ඇමරිකාවම එහෙම කරන කොට කතා කරන්න ලංකාවට කොන්දක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් උවමනාවෙන්ම කොරෝනාවෙන් මිනිස්සු මැරෙන්න ඇරිය. හේතුව වැඩිපුර මැරෙන්නේ කළු ජාතිකයන් නිසා. උදා: විදිහට චිකාගෝවේ ජනගහනයෙන් 30% යි කළු ජාතින්. හැබැයි කොරෝනාවෙන් මැරිච්ච මිනිස්සුන්ගෙන් 70% ක්ම කළු ජාතින්. ඇමරිකාවේ front-line workers බහුතරය කළු සහ දුඹුරු වර්ණ සමක් ඇති මිනිස්සු. කොරෝනා ගැන ට්‍රම්ප් වගේ වගක් නැතුව ඉන්නේ මැරෙන අති බහුතරය කළු ජාතින් නිසා. ලෝක ඉතිහාසයටම කළු පැල්ලමක් එකතු කරපු අති අමානුෂික චරිතයක්.
විමලේ කොලුවා වත් කට හොල්ලන්නෙ නැහැනේ...