IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි

 (ටී.කේ.ජී.කපිල)
 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
           
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි  ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
    
මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
            
ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ .
            
මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි.



අදහස් (2)

ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි

lanka Thursday, 19 March 2020 02:01 AM

ඉතින් මේ එන සංක්‍රමණිකයින් හරහා ඔතන වැඩකරන අයට ඕක බෝවෙලා රට ඇතුළට එන්න බැරිද? ඕනෑනම් එහෙම බෝවෙන්න පුළුවන්... අපි කවුරුත් දන්නවා ගුවන් තොටුපළේ වැඩකරන ඔක්කොම වැඩ ඉවරවෙලා ගෙවල්වලට යනවා. කඩේ යනවා. මිනිස්සුන්ගේ ගෙවල්වලට යනවා. ගුවන් තොටුපළක් වහනවා කියන්නේ ෂට්ඩවුන් කරනවා කියන එකයි. නමුත් මේක එහෙම වැහිල්ලක් නෙමෙයිනේ...

:       2       13

Perera Friday, 20 March 2020 01:50 AM

මෙතන කියනවා ගුවන්තොටුපොළ වහලා කියලා තව ප්‍රවෘතියක් කියනවා බ්‍රිතාන්යෙන් තව මගීන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් ආව කියලා. චන්දෙ 3/2 බලය ගන්න මත් වෙලා ඉන්න ආණ්ඩුව දන්නේ නැතිව ඉන්නකොට ගුවන්තොටුපොළ ඇරලද වහලද කියලවත් දන්නේ නැති පාටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site