( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සීටි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළැඹ ඇත.
කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (15) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට ගෙන ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මේ අනුව පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේ ඇති තීරු බදු රහිත සාප්පු, සේවා ආයතන හා සංචාරක සේවා කුටි වලින් මාස 03 ක කාලයක් මාසික කුලිය අය නොකෙරන අතර එය මේ වසරේ මාර්තු 19 සිට මාස 03ක කාලයකට වලංගුවේ. ඊට අමතරව ගුවන් තොටුපළ තුළ සිය සේවා කුටි පවත්වා ගෙන යනු ලබන ගුවන් සමාගම්වලින් 2020 අප්‍රේල් මාසයේ සිට මාස 03 ක කාලයක් සදහා මාසික ගාස්තු අය නොකෙරෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.
මීට අමතරව ගුවන්තොටුපළ භාණ්ඩ ගබඩා කර තැබීමේ (Cargo) පහසුකම් ලබා ගන්නා ආයතනවලින් අප්‍රේල් මාසයේ සිට මාස 03ක කාලයක් සදහා ඔවුන්ගේ මාසික ගාස්තුවෙන් සියයට 50 ක් පමණක් අය කිරීමට ද තීරණය කර තිබේ.
රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනයේ ගුවන් යානා නතර කර තැබිමේ ගාස්තු ද 2020 මාර්තු 19 සිට මාස 03 ක කාලයක් සදහා අය නොකිරිමට ද රජය තීරණය කර ඇත.
මාස 03 ක මෙම සහන කාලයෙන් පසුව මෙම සහන තවදුරටත් ලබා දෙනවද නැද්ද යන්න පිළිබද ව නැවත සලකා බලන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වුව ද සංචාරක, ගුවන් සේවා වැනි ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් වීම සදහා තවත් කාලයක් ගතවනු ඇත. මේ නිසා මෙම සහන සම්බන්ධයෙන් ජුනි මාසයේ දී නැවත සලකා බැලීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටි 56 ගිනි අවිය අතුරුගිරිය ටැටු කලා
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපස
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිප
සහල් තොග රඳවා තබා ගනිමින් අනවශ්‍ය සහල් හිඟයක් නිර්මාණය කර ඇති මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහි පියවරක් ලෙස රජය තමන්ගේම අමතර වී තොග පවත්වා ගෙන යාමට තීරණය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාගකිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියකුට අද පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකු
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගුවන්තොටුපලේ තීරු බදු සාප්පු හා සේවා සපයන ආයතනවල මාස තුනක කුලී මුදල් අය නොකෙරේ
AjithD.L Monday, 18 May 2020 09:44 AM
තීරු බදු සාප්පු නම් වහලම දාන්න , කිසිම රහක් නැහැ....