(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට උණ සහ උගුරේ ආසාදන තත්වයන් ඇතිවීම නිසා අද(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනකු දහවල් කාලයේ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අනෙක් දෙදෙනාටද එම රෝග ලක්ෂණ ඇතිවීම නිසා රාත්‍රි හතට පමණ රෝහලට ඇතුලත් කර ඇත.
රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ එම සිව් දෙනාම කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ සිට ප්‍රතිකාර ලබන බවය.
දහවල් රෝහලට ඇතුලත් කරන ලද දෙදෙනාගෙන් එක් අයෙකු සංචාරක මග පෙන්වන්නන් ඇසුරු කර ඇති අයෙකු බවට අනාවරණය වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd