(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟහරුවාද (07) උදෑසන 6.00 අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1107 අත්අඩංගුවට ගෙන වාහන 326 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අඟහරුවාදා (07) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 15902 ක් බවත් පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 3991 ක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.