IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

(රංජන් කස්තුරි)
 
වෙනත් රෝග ලක්ෂණ ඇති බව පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ කොරෝනා රෝගියෙකු හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
වයස්ගත රෝගියෙකු ඉකුත් සෙනසුරාදා (22) කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය සමඟ වෙනත් කරුණකට බහින් බස්වීමක් සිදුව තිබේ.
 
එම බහින් බස්වීම සිදුව ඇත්තේ අදාළ රෝගියා ඇතුළත් කර ගැනීමට නියමිත වාට්ටුව ඉදිරිපිටදී වන අතර එහිදී රෝගියාගේ පුත්‍රයාගේ කටින් තමා ඉකුත් සතියේ විදේශරටක සිට ලංකාවට පැමිණි කතාවක් පිටවී තිබේ.
 
ඒ අවස්ථාව වනවිට හෙදියන් සුළු සේවකයින් ඇතුළු පිරිසක් සහ රෝගියා සේවකයින් ඇතුළු පිරිසක් සහ රෝගීන් මුලදී පරීක්ෂාකළ වෛද්‍යවරයා පැයක පමණ කාලයක් මෙම පුද්ගලයින් දෙදෙනා සමඟ විටින් විට සමීප වී සිට ඇත.
 
පුත්‍රයා විසින් තමා විදේශගතව පැමිණි බව ප්‍රකාශ කිරීමත් සමඟ කලබලයට පත්වූ රෝහල් කාර්ය මණ්ඩලය රෝගියා නියමිත වාට්ටුවට ඇතුළත් නොකර කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
 
එම රෝගියාගේ සෙමපටල පරීක්ෂා කිරීමේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර රෝගියා මේ වනවිට අංගොඩ අයි.ඩි.එච් රෝහලට මාරුකර යවා ඇත.
 
රෝගියා සහ ඔහුගේ පුත්‍රයා ඇසුරු කළ වෛද්‍යවරයා හෙද හෙදි හෙදියන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්කර සිටිති.



අදහස් (0)

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site