IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘කොළඹට පිවිසීම-පිටවයාම නවතාදමා ඇතැයි කීම බොරුවක්’

කොළඹ හෝ වෙනත් පළාතකට හෝ ඇතුළු වීම සහ  ඉන් පිටවීම වළක්වා,  සියලු දොරටු වසාදමා හුදකලා නගරයක් බවට පත්කර ඇති බවට පැතිරයන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාමත් සමඟ මෙවැනි අසත්‍ය කටකතා පැතිර යන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

'කොළඹ නගරය වසාදමා ඇති බවට පළවන කටකතාවල කිසිදු සත්‍යයක් නැහැ. අපේ වෛද්‍ය කණ්ඩායම් මෙම තත්වය සියුම්ව නිරීක්ෂණය කරමින් සිටිනවා. වයිරසය ව්‍යාප්තිය අවමකිරීමට ඔවුන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා' යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඊයේ දිනය වනවිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබූ බවද ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට ගුවන් මගීන් පැමිණීමත් සමඟ මෙම ආසාදිතයන් ගණන වැඩි වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

මේ වනවිට පුද්ගලයන් 4000ක් පමණ සිය නිවාසවලට වී ස්වයං - නිරෝධායනයට යොමු වී සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය නිතර නිරීක්ෂණය කරමින් සිටින බවත් අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (0)

‘කොළඹට පිවිසීම-පිටවයාම නවතාදමා ඇතැයි කීම බොරුවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site