කෝවිඩ්-19 යනුවෙන් නම් කර ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ සටනට සහාය වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකු නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට ඉකුත් දා පියවර ගත්තේය.
නෙදර්ලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හෙතෙම මීට පෙර එම පක්ෂය බලයේ සිටින විට සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වයිරසය නෙදර්ලන්තය තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා මාර්ටින් වැන් රයින් පත් කරන බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව තාවකාලිකව ඔහු එම අමාත්‍ය ධුරයට පත් කර ඇති අතර එම අමාත්‍ය ධුරය ‘වෛද්‍ය සුවා සේවා’ යනුවෙන් නම් කර ඇතැයි ‘යූරෝනිවුස්’ පුවත් සේවය වාර්තා කළේය.
‘‘ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයත් හොඳින් දන්නවා’’ යැයි නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නව කොරෝනා වයිරසයෙන් රට ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්විණි. එහි ඇති වූ අධික විඩාව නිසා බෲනෝ බෘයින්ස් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. අග්‍රාමාත්‍ය මාර්ක් රට, මාර්ටින් වැන් රයින් නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමට තීරණය කළේ ඉන් පසුවය.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය නෙදර්ලන්ත පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
‘‘මේ දුෂ්කර අවස්ථාවේදී ඉදිරියට එන සියලු දෙනා අගයන්න ඕනෑ’’ යැයි ද කම්කරු පක්ෂයේ නායක ලුඩවයික් ආෂර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘ජාතික සෞඛ්‍ය අර්බුදයක් තියෙනව වෙලාවක, ඔබ ඔබට පුළුවන් සෑම අවස්ථාවකදීම උදව් උපකාර කළ යුතු’’ යැයි ද ඔහු කීවේය.
මාර්ටින් වැන් රයින් නව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීම සුදුසුම පියවරක් යැයි ද ඒ සඳහා නියම සුදුස්සු ඔහු යැයි ද තවත් බොහෝ පිරිසක් පක්ෂ විපක්ෂ බෙදීමකින් තොරව පවසා තිබුණු අතර අග්‍රාමාත්‍යවරයාගේ තීරණය වැඩිදුරටත් අගයා තිබිණි.
යූරෝ නිව්ස් ඇසුරිනි
ඡායාරූප ඒ.එෆ්.පී. සහ ඒ.එන්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් සජිත් පත් කරමුකෝ.
නැහැ, රාජිත පත් කරමු. තව නැව් 4 විතර ගන්න පුළුවන්නේ.
ඒ ඉතින් නෙදර්ලන්තයෙනේ. අපේ රටේ තියෙන්නේ සංදර්ශන මඟින් මේ බිහිසුණු වසංගතය පාලනය කිරීමේ වැඩසටහනක්නේ. සෞඛ්‍යය සේවාවේ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ මිහිපිට දෙවිවරු නොහිටින්න සංදර්ශන තියන එකත් කරගන්න බැරිවෙන තත්වයක්නේ අපේ රටේ තියෙන්නේ. කොරෝනා ආසාධිතයින් සියය දක්වා වැඩිවෙද්දී "යහමින් මුදල් වියදම් කරන වැඩක් පටන් ගන්න යෝජනා උනා විතරයි මෙන්න බොලේ රජයේ කිසිදු තනතුරක් නැති,කොරෝනාවට බයේ පසුගිය දිනවලදී ගෙදරටම වී නිරෝධායන වෙමින් සිටි රටේ පුරවැසිභාවය වත් නැති කෙනෙක් ගිඩිස් ගාා කාර්ය සාධක බලකායක ලොක්කෙක් වෙලා කියන්නනකෝ. අනේද කියන්නේ......
අපේ රටේ මේ වගේ තත්ත්වයක් කිසිදවසක ඇති වන්නේ නැත. පසුගිය දිනවල විපක්ෂය ඇඩුවා ඒ අයට සහයෝගයක් දැක්වීමට ආරාධනයක් නැති එක ගැන. දැනට අපේ සෞඛ්‍ය අංශවල කැපවීම අගය කළ යුතුව තිබුණත් වර්තමාන ඇමතිනීගේ ක්‍රියාකාරීත්වය සැහීමකට පත්විය නොහැකියි. අඩුම තරමේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැන්නෙක් මේ මොහොතේ මේ තනතුර දැුවේ නම් වඩා සුභදායකය. කැපිපෙනෙන ක්‍රියාකාරීත්වයක් තුණ මහතුන්ගෙන් බලාපොරොත්තු විය හැකියි.
Dilan මයා වෙත, ඔව් ඔව් එක බොහොම හොද අදහසක් මොකද සජිත් ගොයියටත් මේ වෙලාවේ එල්ලෙන වැලේ වැල් නැතිව ඉන්න නිසා ඒ අවස්තාව දෙමු . කට ඇරියොත් මිනිසුන්ව සිනහ ගන්වන සුළු ඉතා නො.." වටිනා " නො..වැදගත් කතානේ කියන්නේ. එක හොදයි මිනිස්සුන් මේ දවස්ටිකේ ඉන්නේ කිසිම කවටයෙක්ගේ" හාරත" මුනක්වත් නොදැකපු එකේ .
සජිත් හරියන්නේ නැහැ. එයා බයිලා කියල නාගත්තා වගේ නාගනීවී. හිටපු කෙනා ඊට වඩා හොඳ නැත්ද ?
අපි ඇත්ත ඇති සැටියෙන් දකිමු. අපේ විපක්ෂයේ ඉන්න මොන දේශපාලකයාද අද ඉන්න සෞඛ්‍ය ඇමතිතුමියට වඩා දක්ෂ? සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සෑම වුර්තිකයෙක් සමගම රණ්ඩු වූ, බෙහෙත් කාපු පරාජිතද? ඖෂධ ගැන නොදන්නා දේ කතා කරනා දොස්තර සජිත් බේබිද? මොන බැනුම් බැන්නත්, රනිල් වික්‍රමසිංහට නම් දුන්නොත් කරයි. නමුත් එයා ගන්නේ නැනේ ඇමතිකමක්. අනික, අද රජය, හමුදාවේ සහ සෞඛ්‍ය සේවාවේ සහභාගිත්වයෙන් - ඉතාමත් අගනා සේවයක් කරනවා. හොරුන්ව නම් ගාවගන්න එපෝ ! .... හැම එකෙන්ම කොමිස් ගහන්න නම් දක්ෂයි.
ජනාධිපති ගෝඨාභය තුමා සමග හොරුන්ට ඉඩ නැත. හොරුන් කකියනවා ඇත. අනේ මම ඔය කොතැනක හරි හිටියනම් කියා....