ප්‍රින්ස් රත්නායක
කෝවිඩ් 19 වසන්ගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ ප්‍රයත්නයට දායක වෙමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මගින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.
මෙම ප්‍රදානය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනැමුණු අතර දැඩිසත්කාර ඒකක ඇඳන් 54 ක් පී.පීඊ. ( සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල) පන්දහසක් ඇතුලු වෛද්‍ය උපකරණ ඊට ඇතුළත්ව තිබේ.
ජාතික විශ්වවිද්‍යලයන්හි ආචාර්යවරු මෙම පිරිනැමීමට එක්ව ඇති අතර එම ආචාර්ය සංගමය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍යාම බන්නැහැක , සංගමයේ භාණ්ඩාගාරික පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය භරණ ජයවර්ධන, උප සභාපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමන් යාපා, හිටපු සභාපති විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.

2025 නොවැම්බර් මස 04
424
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝවිඩ් තුරන් කිරීමට සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටියක වෛද්‍ය උපකරණ
Aris Wednesday, 29 April 2020 08:30 AM
දැන් මාසෙකට විතර කලින් මම දැක්ක මේ පත්තරේම තියනවා කොරෝනා රෝගයට බෙහෙත් සොයා ගත්ත ආචාර්යවරු දෙදෙනෙක් සහ ආචාර්ය වරියක් ගැන. ඊට පස්සේ ඒ ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ ගැන දැනගන්න මම කැමැතියි.
Samitha Senaka Aluthgamage.Wednesday, 29 April 2020 09:02 AM
ජපුර ව/පීඨයේ විද්වතුන් කණ්ඩායමක් මෙම වයිරසයේ ප්‍රභේද හතරක් තිබෙන බව සොයා ගත්තා.තවදුරටත් පර්යේෂණ කොට ප්‍රතිඵලය ගැන දැනගන්නට ලැබේවි.එන්නතක් හෝ බෙහෙතක් සොයා ගන්නට වාසනාව ලැබේවා !!!
ArisWednesday, 29 April 2020 10:34 AM
සමිතා, ඔබ කියන දේත් මම දැක්කා. ඒ ගැන නෙවෙයි මම ඇහුවේ. ඊට කලින් සොයා ගත්තා කියූ බෙහෙතට මොකොද වුනේ? ඔවුන් කියල තිබුණා දින කිහිපයකින් පබ්ලික් කරනවා. චීන රජය කැමතිනම් එහේ රෝගීන්ටත් ප‍්‍රතිකාර කරන්න සුදානම් කියලා.
ආචාර්ය එස්. කේ. ඉලංගරත්න Wednesday, 29 April 2020 01:12 PM
විශ්ව විද්‍යාලයීය අචාර්ය සංගමය විශ්ව විද්‍යාල පුස්තකාලයාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරී හා සහකාර පුස්තකාලයාධිකාරී යන වෘත්තිකයන්ගේ සාමාජිකත්වයෙන් ද සමන්විත වේ. එබැවින් ඉහත පරිත්‍යාගය සඳහා ඔවුන්ගේ ද සෘජු දායකත්වය ලැබී ඇත. එය මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා විශ්වවිද්‍යාලය පුස්තකාලයාධිකාරී වෘත්තීකයන් ද සෘජුව මැදිහත්වීම කියාපෑමට හොද උදාහරණයකි...