( තිළිණි ද සිල්වා)
සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව සති දෙකකට වසා තැබීම සඳහා කටයුතු කරනු ලැබු බව හැටන් නැෂනල් බැංකුව නිවේදනය කර සිටී.
මේ හේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි එම ශාඛාවේ සියලූම කාර්ය මණ්ඩලයට ස්වයංනිරෝධායනයට ලක්වන ලෙසද උපදෙස් දුන් බවද හැටන් නැෂනල් බැංකුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් හැටන් නැෂනල් බැංකුව වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව මෙම කොල්ලුපිටිය ශාඛාව දින 14 කාලයකට සිය බැංකු මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති අතර කාර්යාලය ගොඩනැගිල්ල නිසි විෂබීජහරණ ක්‍රියාවලීන් සිදු කරමින් පවතින බවද එම බැංකුව කියා සිටී.
මහ බැංකුවේ රෙගුලාසි වලට අනුකූලව හැටන් නැෂනල් බැංකුව අත්‍යවශ්‍ය සේවා සපයන අතරම මෙම බැංකු ශාඛාවේ ගනුදෙනුකරුවන් වේ නම් ඔවුන් හැකිතාක් දුරට ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙසත්, කොල්ලුපිටිය ශාඛාවෙන් සිදුකර ගත යුතු අත්‍යාවශ්‍යම සේවාවන් වෙනත් බැංකු ශාඛාවකින් සිදුකර ගත හැකි බවත් හැටන් නැෂනල් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොල්ලුපිටිය හැටන් නැෂනල් බැංකු ශාඛාව සති දෙකකට වසා දමයි