(ජේ.කේ.එල් .චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරුපියකුගේ හදිසිමරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා මියගිය පුද්ගලයාගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට අනුව පැය 24 ක් ඇතුළත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආදාහනය සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.
මෙම සිව්දරුපියගේ පුත්‍රයකු කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්වු අයෙකි.
පසුව කළ පරික්ෂණයකදි ඔහුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිය. මොහු පියා බැලිම සඳහා රෝහලට පැමිණ ඇති අතර මේ නිසා මීටපෙර පියාද කොරෝනා පරීක්ෂණයකට ලක්කරණු ලැබීය. එම පරීක්ෂණයේ දී පියාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරුවිය.
මියගිය පුද්ගලයාගේ කෙට හා සෙම් සාම්පල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි. පෙරේරා මහතා විසින් ලබාගෙන හදිසි මරණ පරීක්ෂකවරයා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමඟ සාකච්ඡාකර ඔහුගේ උපදෙස් මත ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24 ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී අද (10) පෙරවරුවේ ආදාහනය කිරීමට නියෝග කළ බව හදිසි මරණ පරීක්ෂක මහෙෂ් ධර්මරත්න මහතා පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ 37 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිව්දරු පියා ඊයේ මියගොස් තිබේ. ඔහු 72 හැවිරිදිවියේ පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා අංශභාග රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුවන අතර අංශභාග රෝගය උත්සන්න වී මොලයේ ඇති වූ ලේ ගැලීමකින් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
974
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේදී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව