අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර
කෝවිඞ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්‍ෂාව සදහා ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට රත්නපුර ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරු පියවර ගනිති.
රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය පුබුදු පේළිආරච්චි මහතාගේ උපදෙස් මත හෝමාගම ලේටෙක්ස් ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයේ අධ්‍යක්‍ෂ සංජීව නවරත්න මහතා ඇතුලූ කාර්ය මණ්ඩලය මෙම විෂබීජ නාශක කුටියක නිපදවා තිබුණි.
මෙම සාම්පල් ලබාගැනීමේ දී භාවිත කරන ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් රුපියල් තුන් දහසක් වැනි මුදලක් වන අතර එය භාවිත කර හැක්කේ එක් වරක් පමණි.
නමුත් මෙම ආරක්‍ෂිත කුටියේ සිට ආසාදිතයන් විශාල පිරිසකගේ ජෛව සාම්පල ලබාගත හැකිය.
වෛද්‍යවරයාට ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් නොමැතිව ජෛව සාම්පල් ලබාගත හැකි වීමත්, එය තැනින් තැනට ගෙනයාමට හැකිවීමත් මෙම කුටියේ ඇති විශේෂත්වයයි.
රත්නපුර ශිෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු, ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ වෛද්‍ය උපුල් රත්නායක යන මහත්වරුනට එම විෂබීජ නාශක කුටියක පසුගිය 11දා බාරදෙනු ලැබීය.


2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා සාම්පල් ගන්න රත්නපුර රෝහලට ආරක්ෂිත කුටියක්
isurandi Sunday, 12 April 2020 12:17 PM
අතිවිශිෂ්ටයි.
Kumar Sunday, 12 April 2020 02:38 PM
කිසිම වැඩක් නැති නිපැයුමක්. කිහිපවරක් සාම්පල් ලබාගත් විට ඔය අත් දෙකේ සහ කුටියේ ඉදිරිපස වෙසෙන කොරෝනා වෛරස නැති අයටත් ලැබෙන්න පුළුවනි. රෝගියෙකු කැස්සත් ප්‍රශ්වාස කළත් මේ වෛරස විසිරී යන නිසා සාම්පල් ගත් සෑම අවස්ථාවක කුටියේ ඉදිරිපස පිරිසිඳු කරන්න වෙනවා. ඇමෙරිකාවේ සාම්පල් කොටි ගණනක් අරගත්තේ කුටිවල හැංගිලා නොවේ. ඇමෙරිකාවේ හෙදියන්ගේ ඇදුම් කට්ටල ලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඇදුම් කට්ටල වගෙයි. එවැනි දෙයක් පැළදගෙන තමන්ගේ රැකියා කරන එක තමා හොඳ. එවැනි ඇදුම් පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවනි.