(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහලේ සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා විශේෂ වාට්ටුවක් ද වෙන්කර ඇතැයි වෛද්‍ය අධිකාරී සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රෝහලට පැමිණෙන සියලුම රෝගීන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පරීක්ෂා කිරීමන් අනතුරුව ඔවුන් අදාල අංශ වෙත යොමු කිරීම සිදුකරනු ලබයි.
මෙහි දී රෝහල් කාර්ය මණ්ඩලයට උපරිම ආරක්ෂාව සැළසෙන ආකාරයෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් රෝහලට පැමිණෙන රෝගීන්ට ද එකිනෙකා හා සම්බන්ධ නොවී අදාල වෛද්‍යවරු හමුවීමටත් ප්‍රතිකාර ලබාගැනීමටත් සියලු පහසුකම් සපයා ඇති බව වෛද්‍ය ප්‍රනාන්දු මහතා පැවසීය.
රෝහල් පරිශ්‍රයට පැමිණෙන සියලුම දෙනාගේ අත් සෝදා ගැනීමේ පහසුකම් සපයා තිබෙන අතර පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි විශේෂිත ජල කරාමයක් රෝහලේ නඩත්තු ඒකකය විසින් නිර්මාණය කර තිබේ.
ජල කරාමය අතින් අල්ලන්නේ නැතිව ජලය ලබාගැනීමට හැකිවීම එහි ඇති විශේෂත්වයි. රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් අවශ්‍ය විශේෂිත මුහුණු ආවරණ සහ ඇඳුම් රෝහල් කාර්ය මණ්ඩලය හා පෞද්ගලික අංශයේ සහයෝග බවත් ප්‍රදේශවාසීන් අවශ්‍ය මුඛ ආවරණ රැසක් පරිත්‍යාග කර තිබෙන බවත් වෛද්‍ය ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්වසන ආබාධ සහිත රෝගීන් කිහිපදෙනකු පසුගිය දිනවල රෝහලට පැමිණි බවත් ඔවුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේස්වයං නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


2025 දෙසැම්බර් මස 18
506
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා සැක රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහල සූදානම්