IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති

කොරෝනා වයිරස වසංගතය ලොව පුරා මාධය නිදහසට ද තර්ජනයක් වී ඇති බව වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකය පෙන්වා දෙයි.

"දේශ සීමා රහිත මාධ්‍යවේදීන්" විසින් සම්පාදනය කරන ලද මෙම දර්ශකය මගින් මාධ්‍ය නිදහස සම්බන්දව ලොවපුරා රටවල් 180ක ශ්‍රේණිගත කිරීම් දැක්වෙන අතර මෙවර එම දර්ශකය  ලොව පුරා රටවල් වසංගතයට දැක්වූ ප්‍රතිචාර අතර අන්‍යොන්‍ය සම්බන්දය ද පෙන්වා දෙයි. 

තම ස්ථාන රැක ගනිමින් දර්ශකයේ ඉහලින්ම නෝර්වේ රාජ්‍යය සිටින අතර උතුරු කොරියාව අවසන් ස්ථානයට පත්වී ඇත.

කොරෝනා වයිරස වසංගතය සම්බන්ද දත්ත සැඟවීම හේතුවෙන් ඉරානය සහ චීනය ස්ථාන තුනක් පහතට වැටී 173 වන ස්ථානයට පත්ව ඇත.

මින් පෙර 06වන ස්ථානයේ සිටි ඉරාකය 162 ස්ථානය දක්වා පහත වැටී ඇත.

එයට හේතු වී ඇත්තේ ඉරාකයේ නිල සංඛ්‍යා ලේඛණ පිළිබඳ ප්‍රශ්න කරමින් ප්‍රවෘත්තියක් පල කිරීම සම්බන්දව රොයිටර් පුවත් ඒජන්සියේ බලපත්‍රය මාස තුනකට තහනම් කිරීමයි.

 අගමැති වික්ටර් ඕර්බන් විසින් "කොරෝනා වයිරස නීතිය" සම්මත කිරීම හේතුවෙන් හංගේරියාව ස්ථාන දෙකක් පහතට වැටී 89 වන ස්ථානයට පත්වී තිබේ.

දේශසීමා රහිත මාධයවේදීන්ගේ සංවිධානයේ මහ ලේකම් ක්‍රිස්ටෝෆර් ඩෙලෝයර් පවසන්නේ මෙම මහජන සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් සමහර රජයන්ට ඒකාධිපති ලෙස හැසිරීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි.

තොරතුරු දැනගැනීමේ නිදහස, වෙනස් අදහස් වලට ගරු කිරීම සහ විශ්වසනීයත්වය යන කරුණු සම්බන්දව 2030 වසර වනවිට ලොව පුරා රටවල හැසිරීම කෙබඳු වනු ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුර වර්ථමානයේ තීරණය වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127 වන ස්ථානයයි.

එය පසුගිය වසරට වඩා එක් ස්ථානයක් පහල බැස ඇත.


(බීබීසි ඇසුරිනි - 085)



අදහස් (1)

කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති

saman Tuesday, 21 April 2020 06:11 PM

අපේ නම් සමහර මාධ්‍යවේදීන් කොරෝනා වලට තර්ජනයක්.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site