‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇත.
මෙම අනාවරණය සිදුකර ඇත්තේ චීනයේ හෙනාන් පළාතේ ෂැංග්කී රෝහලේ වෛද්‍ය පර්යේෂකයෝ පිරිසකි. ඒ, පසුගිය කාලය පුරාවට ‘කොවිඩ්-19’ ආසාදනය වී රෝහල් ගත කළ පිරිමි පුද්ගලයන් පිරිසකගේ ශුක්‍රාණු සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය.
වයස අවුරුදු 25 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ වයිරස ආසාදිතයන් 38 දෙනකුගෙන් ලබා ගත් ශුක්‍රාණු පරීක්ෂා කළ බවත්, ඔවුන්ගෙන් හයදෙනකුගේ සියයට (16) ශුක්‍රාණුවල වයිරස විෂබීජ තිබී හමුවුණු බවත් එම වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පවසා ඇත.
මේ අනුව වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ සීමිත ඉඩකඩක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. කෙසේ නමුත් ශුක්‍රාණුවල ‘කොවිඩ්-19’ ආසාදනය වන විෂබීජ තිබී ඇත්තේ සුළු පිරිසකගේ බවත් වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බවත් විද්‍යාඥයෝ පෙන්වාදෙති.
‘කොවිඩ්-19’ යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී ඉන්පසු මිනිසුන් අතරේ විකෘති වෙමින් පැතිරෙන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. වයිරසය වවුලන් සහ කබල්ලෑවන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැක කෙරේ.
වයිරසය ආරම්භ වූයේ පසුගිය 2019 දෙසැම්බරයේය. නව වයිරසය ‘කොරෝනා කාණ්ඩයට’ අයත් වීමත් එය 2019 වසරේදී සොයාගැනීමත් යනු කරුණු හේතුවෙන් නව කොරෝනා වයිරසය ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය.
කෙසේ නමුත් නවතම විමර්ශනවලට අනුව, වයිරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වන්න ඇත්තේ පසුගිය දෙසැම්බරයේ නොව ඔක්තෝබරයේ හෝ නොවැම්බරයේ යැයි පැවැසෙයි. මේ බව වඩාත් තහවුරු වූයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ප්‍රංශ රෝහලකට ඇතුළත් කළ නියුමෝනියා රෝගියකු ‘කොවිඩ්-19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය. වයිරසය චීනයේ ව්‍යාප්ත වීමට යුරෝපයේ ඇතැම් රටවල ව්‍යාප්ත වී තිබූ බව ද ඇතැම් පිරිස් පවසති.
මීට පෙර ද කොරෝනා ආසාදිතයන්ගේ සහ වයිරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ ශුක්‍රාණුවල වයිරසය ආසාදනය වන විෂබීජ ඇත්දැයි කුඩා පර්යේෂණ සිදු කර ඇත. ඒ කිසිවකදී ශුක්‍රාණුවල වයිරස විෂබීජ තිබී නැත. මේ තත්ත්වය හේතුවෙන් නව පර්යේෂණයේ දත්ත සහ තොරතුරු හොඳින් විමසා බැලිය යුතු බවත් වයිරසය ලිංගික සම්ප්‍රේෂණය වන්නේ ද නැද්ද යන්න නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයන කළ යුතු බවත් ස්වාධීන විද්‍යාඥයෝ පෙන්වාදෙති.
055
COMMENTS
නහයයි, කටයි වහගත්ත මදිවට අපේ ඇඟම දැන් රෙද්දකින් ඔතාගන්න වෙලානේ තියෙන්නේ.
චීනයේ 100% තහවුරු නොකළ වාර්තා නොකියා කියන්නේ කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වන නිසා උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමට පෙලඹවීම මතයි.. එමගින් චීනයේ නිෂ්පාදනය කරන උපත් පාලන උපකරණවල ඉල්ලුම මේ නිසා ඉහළ යනු ඇත.
චීනය ලෝකයාට කියන්නෙම බොරු... ලෝකයම නොමග යවන්න කරපු අපරාධ වහන්න.
මාර වැඩේ... අපේ රටේ සම්බාහන මධ්‍යස්ථානත් වහන්න වෙයි වගේ...
චීනේ මේ කොරෝනා හදන්න HIV වයිරසයේ කොටස් පාවිච්චි කරපු නිසා HIV වල තිබෙන ගුණාංගයක් ලෙස ලිංගිකව සම්ප්‍රේෂණය වීම කොරෝනාවලද තිබිය හැකිය.
ඉස්සරහට කොරෝන පැටව් තමයි හදන්න වෙන්නේ? ඒ කියන්නේ වඳ වෙලාම යයි වගේ...
වයිරසය හදපු අය ඒ ගැන අන් කාටත් වඩා විස්තර දන්නවා.
මේක චීනයේ පරීක්ෂණාගාරයක හදපු වයිරසයක් වෙන්න බැරිද? චීනය මේ ගැන වටින් ගොඩින් කතාකරන්නේ මෙහි කිසියම් රහසක් ඇති නිසයි..