IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණය⁣ට පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

කොරෝනා වයිරස ලක්ෂණ මතුව ඇති බව දැන දැන හෘද රෝගයක් බව පවසමින් රාගම රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි අයකු බවට රෝහලට නොපවසා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ඇති බව පැවසේ.

තමාට කොරෝනා වයිරස රෝගී ලක්ෂණ ඇති බව දැන දැනම ඉහත පුද්ගලයා චේතනාන්විතව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ඔහුට   ප්‍රතිකාර කළ රාගම රෝහලේ වෛද්‍ය හා කාර්ය මණ්ඩලය අවදානමට  පත්ව ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.  

ඔහුට ප්‍රතිකාර කළ වෙද්‍ය්‍ය හා  කාර්ය මණ්ඩලය නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය. 

මෙම සිද්ධියේ දී පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ සිටි සෙසු සාමාන්‍ය රෝගීන්ද අවදානම ලක්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම පුද්ගලයාට අමතරව ඔහුගේ  මෙම ක්‍රියාවට සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේ ය .

මෙම සිද්ධිය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බව ද හෙතෙම අවධාරණය කළේය .



අදහස් (2)

කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණය⁣ට පැමිණිල්ලක්

ravi Friday, 20 March 2020 01:54 PM

මේක , රෝහලේ වරදක්. කවුරු කොහොම කිව්වත් වෛද්‍යවරුන් දැනගත යුතුයි මොකද්ද ,, රෝගය සහ කල යුත්තේ කුමක්ද කියලා.

:       221       1

Samwil Friday, 20 March 2020 02:04 PM

උතුරු කොරියාවේ වගේ නීතිය ක්‍රියාත්මක කරානම් හරි.

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site