IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරෝනා යැයි සැක 133 ක් රෝහල් 16 ක

(දිල්රුක්ෂි ග්‍රේරු)

කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත  පුද්ගලයින් 133 දෙනකු මේ වන විට  ශ්‍රී ලංකාව පුරා   රෝහල් 16 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට  සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ  වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වයිරසය අසාදනය වූ  පුද්ගලයින්ගේ  සංඛ්‍යාව 11 ක් වන අතර,  ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු සහ චීන ජාතික කාන්තාව  ඊට අයත් වේ.මේ අතුරින් චීන ජාතික කාන්තාව සුවය ලබා පිටත්ව ගියාය.  

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ මෙම කරුණු දැක්වෙයි.

ජාතික  බෝවන රෝග විද්‍යායතනය, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ  දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහල යන රෝහල් 6 සඳහා  මේ වන විට  සැක සහිත රෝගීන්  වැඩි වශයෙන් ඇතුළු කර  ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි. 

ඒ අනුව  මේ වන විට   ජාතික  බෝ වන රෝග විද්‍යායතනයේ   සැක සහිත පුද්ගලයින්   45 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති.  ඉන්  41 දෙනකු  ශ්‍රී ලාංකිකයින් වන අතර සිව්  දෙනෙක්  විදේශිකයෝ වෙති.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනකු , ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 13 දෙනකු  ඇතුළත් කර සිටින අතර  මීගමුව  දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත. ඉන් 14 දෙනකු ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් සිටී. පොළොන්නරුව මහ රෝහලට  සැක සහිත පුද්ගලයින් 12 දෙනකු ඇතුළත් කර තිබේ.  

 ඒ හැරුණු විට  ශ්‍රී ලංකාව පුරා සෙසු රෝහල් 10 සිටින පුද්ගලයින් ද සමඟ වයිරසය ශරීරගත වී ඇත්දැක් පරීක්ෂණ සඳහා  දිවයින පුරා රෝහල් වලට ඇතුළු වී  සිටින මුළු පුද්ගල  සංඛ්‍යාව 133 කි.

 වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන ලද  නවතම වාර්තාව පහත දැක්වෙයි

https://tinyurl.com/vguwm2p

 

 


 



අදහස් (1)

කොරෝනා යැයි සැක 133 ක් රෝහල් 16 ක

de silva Sunday, 15 March 2020 11:29 AM

ලංකාවේ පවතින උෂ්ණ දේශගුණය නිසා, අපට මේක මර්ධනය කිසිම අපහසු නොවන අතර, ලංකාවේදී සොයාගත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමද එතරම් අපහසු නොවන බව පෙනීයන බැවින්, මේ ගැන බියවීමට වුවමනාවක් නැත. නමුත් ලංකාවට පැමිණෙන චීන ජාතිකයින්ට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. අද සිට යුරෝපයේ සිට පැමිණෙන සියලුම මගින් අනිවාර්ය නිරෝධායනයට යොමු කරනවා මෙන් චීන ජාතිකයින්ද යොමුකළ යුතුය. චීනය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ගැන නම් විශ්වාසයක් තබන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site