(ඩී.ජී.සුගතපාල)

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක කරන රුමේනියානු ජාතික නාවික ආරක්ෂකයෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු අද (29)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
 
මෙම රුමේනියානු ජාතිකයා වෙළඳ නැව් වලට ආරක්ෂාව සපයන ආරක්ෂක සමාගමක සේවය කරන අයෙකු බවද අනාවරණයවි තිබේ.
 
ඒ අනුව අද වනවිට මෙම විදේශිකයාද ලාංකිකයින් හතර දෙනෙක්ද ඇතුලුව පස් දෙනෙක් ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයා පැවසිය.