(පුෂ්පකුමාර ජයරත්න )
කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවේදී කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව සමග සමීපව සිටි බව කියන පුද්ගලයන් 30 දෙනෙකු මේවනවිට හඳුනාගෙන සිටින බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය .
ඔවුන් සියළුම දෙනා ආසාදිත කාන්තාව විසූ කැකුණගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවද ඔවුන්ගේ සම්පූර්ණ තොරතුරු සොයාගෙන සෞඛ්‍ය අංශද සමග එක්ව නිරෝධායනය සඳහා යොමුකරිමට පියවර ගෙන ඇති බවද දිසානායක මහතා සඳහන් කළේය .
කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාව ප්‍රතිකාර ගැනීමට පැමිණි කැකුණගොල්ල බෙහෙත් ශාලාවේදී ඇය හා සමීපව සිටි පුද්ගලයන් පිරිස අතරින් මේවනවිට 79 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය .
මෙසේ අවදානම් පිරිසක් හඳුනාගෙන සිටීම හේතුවෙන් හෙට (5) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කළ පසුව කුලියාපිටිය , නාරම්මල , කටුපොත , සියඹලාගස්කොටුව ආදි ප්‍රදේශවල සැරිසැරීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන දැනත් ඇයි ඇදිරි නීතිය ඇයින් කරන්නෙ
මෙච්චර අවධානමක් තිබෙත්දිත් ඇයි එම ප්‍රදේශයේ ඇඳිරිනීතිය හෙට ඉවත් කරන්නේ ?