කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය රටවලින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ (1) වාර්තා විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් බදාදා දිනයේදී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 884කි.
අද (2) පස්වරුව වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවූ අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 216,000 ඉක්මවා ගියේය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ (1) පමණක් එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 563ක් විය. අද (1) පස්වරු 2.30 වනවිට එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 2,357ක් දක්වා ඉහළ ගිය අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 29,865ක් විය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයට වන අතර කොරෝනා වයිරසය නිසා බදාදා දිනය තුළ එරට සිදු වූ මරණ ගණන 864ක් විය.
කොරෝනා වයිරසය නිසා දිනක් තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.
කොරෝනා වයිරසය නිසා ස්පාඤ්ඤයෙන් වාර්තා සමස්ත මරණ ගණන අද පස්වරු 2.30වනවිට 9,387ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 104,118ක් ලෙස දැක්විණි.
කෝවිඩ්-19 ලෙස නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද පස්වරු 2.30 වනවිට ලොවපුරා 47,287 දෙනකුට ජීවිත අහිමි වී තිබිණි. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 939,436ක් විය.
කොරෝනා වයිරසය ආසාදනය වූ 195,081ක් අද වනවිට සුවය ලබා තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා මාරයාගේ නරකම දවස අප්‍රේල් 1
w,l.leelananda Thursday, 02 April 2020 12:04 PM
පළමු රෝගියාගේ වාර්තාවෙදීම ගුවන් තොටුපළවල් වසාදැමිය යුතුයි. නමුත් දැන් අපට කළ හැති දෙයක් නැත. අපිට තිබෙන්නේ බලාසිටීම පමණයි.