නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ ‘කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් 71,000කට වැඩි පිරිසක් මියගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂයකට වැඩිය.
ඇමෙරිකානු ආර්ථිකය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇත.
කෙසේ වෙතත් කාර්යසාධක වැඩි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකු වන ඇන්තනි ෆවුචි සහ ඩෙබෝරා බර්ක්ස් තවදුරටත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකයන් වශයෙන් කටයුතු කරනු ඇත.
‘‘අපිට ඊළඟ අවුරුදු පහ මේ රට වහලා තියන්න බැහැ’’ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
මේ අවස්ථාවේදී කාර්ය සාධක බලකාය අහෝසි කිරීම සුදුසු දැයි එම මාධ්‍යවේදීය ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසීය.
‘‘කාර්යසාධක බලකාය විශිෂ්ට කාර්යභාරයක් කළා. එහෙත් අපි දැන් අවධානය යොමු කරන්නේ ආරක්ෂාව සහ විවෘත කිරීමට’’ යැයි ජනාධිපතිවරයා කීය.
ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කරමිනි. ජනාධිපතිවරයා එහි සංචාරය කර තිබුණේ මුඛ ආවරණ නොමැතිවය.
අල්ජසීරා
ඡායාරූප – ඒ.එෆ්.පී.
055
COMMENTS
ඇමරිකාවත් අරිනවනෙ.. අපිත් ඇරල කතිරෙ ගහල එයාලට සැපෙන් ඉන්න හදල දෙමු..
කොරෝනා මර්දනයට අමෙරිකාවෙන් ලංකාවට ලබා දී ඇති මුදල් සම්බන්දව රජය කිසිවක් නොකියන්නේ මන්ද ? ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ලබා දී ඇති බව තානාපති අංශ සදහන් කර ඇත. මිලියන ගණනක් ලබාදීමට සැලසුම් කලත් එම මුදල් ලබාදීමට හැකියාවක් නොමැත්තේ පාර්ලිමේන්තුව වසා සිටින නිසා වන්නට ඇත. විදේශ රටවලින් ලංකාවට ඩොලර්, යූරෝ, සහ යෙන් ලබාදීමට කටයුතු කරන බව සහ ගිවිසුම් අත්සන් කල බව රජයේ ඇමතිවරු මාධ්‍ය මගින් පුන පුන කිවේය. නමුත් රජයට විදේශ රටවලින් මුදල් ලබාදීමට පොරොන්දු උවත් එම මුදල් රජයේ වගකිව යුත්තන්ට ලබාදීමට මැලිකමක් දක්වන බවක් පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ 2004 සුනාමියට ලැබුණු මුදල් මෙන් මේ මුදල් මැතිවරණ සදහා යොදවා ගැනීමට ඇති හැකියාව නිසා වන්නට ඇත.
ලංකාවේ කාර්යසාධක බලකායේ ලොක්කත් ඇමරිකන් පුරවැසියෙක්, ඇමරිකාවේ ඒක වැහුවට ලංකාවේ නම් ඒක වහන්නේ අඩුම තරමේ ඩොලර් කෝටි 400-500 වත් ගරාගෙන...
එම කාර්ය මණ්ඩලය මේ වසංගත පවතින තෙක් පවත්වාගෙන යන බව සුළුමොහොතකට කලින් නිවේදනය කලා.
ට‍්‍රම්ප් මහත්තයෝ එතකොට ඔබතුමා ගේ සහෝදරයාගේ රක්ෂාව කුමක්ද?
ලගදිම කෙනඩිගේ උරුමය ලැබෙයි කියලයි මටනං හිතෙන්නෙ..
මෙයාගේ පිස්සුව හොඳටම තද වෙලා. ආ !! දැන්නේ මතක් උනේ ! පෝය කිට්ටු වෙනකොට පිස්සන්ගේ පිස්සුව වැඩිවෙනවා කියලා පුංචි කාලෙනම් අහලා තිබුනා වගේ මතකයකුත් තියනවා. ඇත්ත වෙන්නැති නේද?
ට්‍රම්ප් මහත්තයෝ ඔය කාර්ය සාධක බලකාය කරගෙන යන්න ඔබතුමාගේ සහෝදරයෙකුට , මස්සිනකෙනෙකුට හෝ දියණිය වන ඉවංකා ට්‍රම්පට හෝ බෑනා වන ජෙරාඩ් කුශ්නර්ට දුන්නොත් නරකද ? ඒගොල්ල හොඳ හොයල බලල තමන්ගේ වියාපාරයක් වගේ ඕක කරලා දෙවි . අනිත් එක ඔවුනුත් ඇමරිකන් පුරවැසියන් නිසා වැඩේ හොඳින් සිදුවේවි , ඕව කරන්න පුළුවන් ඇමරිකන් පුරවැසියන්ට පමණි.
වැඩබැරි බලකායක් මොකටද කියලා එතුමට සිතෙන්න ඇති.