IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කොරෝනා මැද දකුණු කොරියාවේ මැතිවරණය ඇරඹෙයි

කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අද (10) ආරම්භ විය. ඒ අනුව කොරෝනා වසංගතය මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු හා ප්‍රධාන රට වන්නේ දකුණු කොරියාවයි.

ඡන්ද දායකයන් එකිනෙකා අතර අඩි තුනක පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු යැයි ද බලධාරිහු නියෝග කර තිබිණි. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයන් සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ අතර නිලධාරීහු ඡන්ද දායකයන් සනීපාරක්ෂක අත්වැසුම්, සනීපාරක්ෂක දියර යනාදිය බෙදා දුන්හ.

‘කොවිඩ්-19’ ආසාදිතයන් සහ රෝහල්ගතව සිටින රෝගීන්ට ඡන්දය ප්‍රකශ කිරීමට අද (10) දිනය සම්පූර්ණයෙන් වෙන් කර තිබුණු බව ද දකුණු කොරියාවෙන් වාර්තා විය. විශේෂ ක්‍රමවේදයකට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවිය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 44ක් සුදුසුකම් ලබා සිටියහ. මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 14,000ක් විෂබීජහරණයට ලක් කිරීමට ද දකුණු කොරියානු බලධාරීහු පියවර ගෙන තිබිණි. කොරෝනා ආසාදිතයන් සහ නිරෝධායනය ලක්වූවන් සඳහා පමණක් ඡන්ද පොළ අටක් ස්ථාපිත කර තිබුණු බව ද වාර්තා වේ.

ඡන්ද ආරක්ෂිත පවත්වාගෙන යෑම සඳහා හමුදාව, පොලිසිය, රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය හමුදා සේවයට සූදානමින් සිටින තරුණ තරුණියන් යෙදවීමට දකුණු කොරියානු බලධාරීහු පියරව ගත්හ.

‘කොවිඩ්-19’ වයිරස වසංගතය හේතුවෙන් මැතිවරණ කටයුතු කිසිවක් පැවැත්වූයේ සීමා සහිතවය. බොහෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේත්, රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේත් සිදු කෙරුණි. සෙසු දකුණු කොරියානුවන් වෙනුවෙන් මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ ලබන 15 වැනිදාය. ඒ, ඡන්ද පොළවල ජනතාව පෝලිම් ගැසී සිටීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණය දින කීපයක් තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

.එෆ්.පී./රොයිටර්

055



අදහස් (3)

කොරෝනා මැද දකුණු කොරියාවේ මැතිවරණය ඇරඹෙයි

සමන්ත Friday, 10 April 2020 06:04 PM

දකුණු කොරියාවේ ඡන්දයත් තියෙනවා. ඒකට අපේ රටේ අය කිව්වේ රාජපක්ෂලාට 2/3 ගන්න ඡන්ද තියන්න හදනවා කොරෝනා මතින් කියලා. දැන් මැකෝ ව්‍යවස්ථා අර්බුදයක් ගැන කියවනවා. ඒවා ගැන හිතන්න තිබ්බේ ඡන්දෙ කල් දාන්න කලින්. හැමදෙයක්ම ප්ලෑන් කරන්න ඕනේ. ජනාධිපති වගේ. දැන් බලන්න සහල් නෑ කියලා හාල් ඕස්තාර් කෙනෙක් දගලද්දී ආර්මි එකෙන් දුන්නු උත්තරය කොහොමද. මැකෝට දැන් හිතෙනවා ඇති දකුණු කොරියාව වගේ නියමිත කාලෙට ඡන්දෙ තිබ්බානම් හොදයිි කියලා. එහෙම නැත්නම් ඡන්දේ වැඩක් නෑ. මේ විදිහටම හමුදාවත් එක්කම රට ඉදිරියට ගෙන යමු. ඒකට ජනමත විචාරණයක් තිබ්බා නම් ඇති.

:       1315       1156

ranjith Friday, 10 April 2020 08:36 PM

මොන චන්දයක්ද? ඊට වඩා මේ උවදුරෙන් ගොඩඑනඑක වැදගත් ....

:       0       0

ශේහාන් Saturday, 11 April 2020 01:10 AM

දියුනු රටවල් එහෙමයි. මොකද කොරෝනාවල සුභවාදීපැති ගොඩාක් තියනවා. චන්දෙට පෝස්ටෙර්වලට කටවුට්වලට රැස්වීම්වලට කෝටි කීයක්නම් විනාස කරනවද? පරිසරය කොච්චර විනාශ වෙනවද? ඒවා ඉවත්කරන අයට කෝටි කීයක් ගෙවනවද? මේ තරම් තාක්ශනය දියුනු ලෝකේ හැමෝටම ස්මාර්ට් දුරකතන තියන කාලේ ඊ කැන්වසින් කරා නම් පරිසරයටත් හොදයි.ඒ කෝටි ප්‍රකෝටි ගාන ඉතුරුයි. චන්දෙ කල්දාන්න කියල ඉල්ලපු කවුරුවත් රටට ආදරේ නිසා නෙමෙයි අන්ත පරාජයක් වෙන නිසා තියන්න එපා කිව්වේ. ඒක සබුද්ධික අයට තේරෙනවා. කොහොම වුනත් මම නම් හිතන්නේ කොවිඩ් ඉවර උනාම වුණත් සම්පූර්ණයෙන්ම ඊ කැන්වසින් මතම චන්දය කරන්න ඕනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site