(රංජන් කස්තුරි)
කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 29 දෙනෙකු අද(12) වනවිට අංගොඩ අයි.ඩී.එච් රෝහල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව, අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 8දෙනෙකු සහ කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, රත්නපුරය ශික්ෂණ රෝහල සහ රිජ්වේ ළමා රෝහල යන රෝහල්වල එක් රෝගියකු බැගින් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මීට අමතරව කරාපිටිය රෝහලේ රෝගීන් දෙදෙනෙකු, අනුරාධපුර රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ තිදෙනෙකු, ගම්පහ දිස්ත්‍රික් රෝහලේ තිදෙනෙකු, මීගමුව රෝහලේ සිව්දෙනෙකු ආදී වශයෙන් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවද එම අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල්වලින් මේ අයව වහාම ඉවත් කර ඒ සඳහා වෙන්කරන ලද රෝහල් වලට පමණක් ඇතුල් කිරීමට පියවර ගන්න. නැත්තම් වෙන්නේ මහා විනාශයක්...