IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘කොරෝනා පාලනයට එරෙහිව පාකිස්ථානය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි’

නව කොරෝනා වයිරස් (කොවිඩ් -19) තර්ජනයට එරෙහිව පාකිස්තානය ගෙන ඇති පියවර 'කාලෝචිත' සහ 'හොඳම ජාතික ප්‍රතිචාර වැඩසටහන' ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

පකිස්ථානයේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ආචාර්ය පාලිත ගුණරත්න මහිපාල මහතා කරච්චි නුවර විවිධ රෝහල්වල සහ පරීක්ෂණාගාරවල සංචාරය කරමින් මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය.

“වෙනත් රටවල වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක පාකිස්තානය වෛරසය වළක්වාලමින් සිටීම ප්‍රශංසනීයයි. ” 

වෛරසයට පළාත් පාළන ආයතන වල සූදානම තක්සේරු කිරීමට සහ විවිධ රෝහල්වල පිහිටුවා ඇති හුදකලා ඒකක පරීක්ෂා කිරීමට සඳහා මහීපාල මහතා කරච්චි ඇතුළු නගර කිහිපයක සංචාරයේ යෙදුනේය.

පකිස්ථානයේ ඊයේ(14) වනවිට කොරෝනා වෛර ආසාදිතයන් 31ක් වාර්තා වී තිබිණි.

නව ආසාදිතයන් පිළිබඳව සුපරීක්ෂාකාරීව විමසිල්ලෙන් සිටින ලෙස සහ පරීක්ෂණ පහසුකම් පුළුල් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එරට රජයෙන් ඉල්ලා ඇත. 

මේ වන විට පාකිස්තානයට රෝග විනිශ්ච සඳහා පරීක්ෂණාගාර 7 ක් ඇති අතර ඒවා පරීක්ෂණ 15,000 ක් පැවැත්විය හැකිය. 

 

නමුත් සැක සහිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් තවත් රෝග විනිශ්චය කිරීමේ පහසුකම් අවශ්‍ය වන බවත් ඉරානයෙන් පැමිණෙන බවට සැක කෙරෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම සහ රෝග විනිශ්චය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

කොවිඩ් -19 වසංගතයේ බරපතලකම අවධාරණය කරමින් මහීපාල හේරත් මහතා  කියා සිටියේ දකුණු කොරියාව, ඉතාලිය වැනි දියුණු සෞඛ්‍ය පද්ධති ඇති රටවල් පවා කොවිඩ් -19 පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවයි. 

පාකිස්තාන බලධාරීන් මෙම තර්ජනයට කාලෝචිත ලෙස ප්‍රතිචාර දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෛරසය රට තුළට ඇතුළු වීම පමා වූ බවද හෙතෙම සඳහන් කළේය.

(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)

 



අදහස් (3)

‘කොරෝනා පාලනයට එරෙහිව පාකිස්ථානය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි’

jaya Sunday, 15 March 2020 04:51 AM

පකිස්තානය යනු න්‍යෂ්ටික ආයුධ ටිකවත් පරෙස්සන් කර ගන්න අඩුම සම්භාවිතාවක් තියෙන රට කියලා තමා අහලා තියෙන්නේ. එහෙම පිළිවෙලක් නැති රටක් කොරෝනා මැඩපවත්වනවද නැත්තන් ඉරානේ වගේ වැඩේ දරුණු වෙනකන්ම මොකුත් නොදැන ඉන්නවද කියල තමා ප්‍රශ්නේ.

:       1115       931

Sahan Sunday, 15 March 2020 09:18 AM

අපි බලාපොරොත්තු වුනේ ඉම්රාන් කෙනෙක් අපිට ලැබුනේ සිරිසේන කෙනෙක්. එ්කයි අපේ වෙනස...

:       16       129

Aseal Sunday, 15 March 2020 09:21 AM

ඔව් ඔව්, කළින් තිබුණු පාකිස්ථානය නෙවෙයි දැන් නැගී එන්නේ... ඉම්රාන් ඛාන් එක්ක ඔය නැගී සිටින්නේ... අනේ එ්කට අපේ රට... බලාපොරොත්තු වුනේ රන් බිත්තරයක්... ලැබුනේ ගොම බිංදුවක්...

:       64       218

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site