ඇපල් හා ගූගල් සමාගම් එක්ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.
බ්ලූටූත් තාක්ෂණයෙන් බලගැන්වෙන එමගින් වෛරසය ආසාදිත පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ විට දැනුම්දීමක් සිදුකෙරේ.
පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි රෝගය පැතිරීම වැළැක්වීමට මෙයින් සෞඛ්‍ය බලධාරීන්ට සහාය ලැබේ.
වෛරසය ආසාදිත පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා මගින් වෛරසය පැතිරෙන බැවින් සම්බන්ධතා අනාවරණය කර ගැනීම වෛරසය පැතිරීම පාලනය කිරීමේ වැදගත් මෙවලමක් ලෙස හඳුනාගෙන ඇත.
එබැවින් මහජන සෞඛ්‍ය ආයතන, විශ්වවිද්‍යාල හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් පුද්ගල සබඳතා අනාවරණය කර ගැනීමේ තාක්ෂණය දියුණු කිරීමේ කටයුතුවල නිරත වී සිටින බැවින් ඇපල් හා ගූගල් සමාගම් ඉදිරිපත් කරන මෙම විසඳුම වඩාත් ඵලදායී වේ.
මෙහිදී අයි.ඕ.එස් සහ ඇන්ඩ්‍රොයිඩ් යන මෙහෙයුම් පද්ධති දෙක අතර තොරතුරු හුවමාරු කර ගැනීමට සහ එම තොරතුරු භාවිතා කළ හැකි පරිදි වැඩසටහන් සංවර්ධනය කෙරෙන අතර එම මෘදුකාංග ඇප් ස්ටෝර් හා ප්ලේ ස්ටෝර් වෙතින් භාගත කර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
මෙම මෘදුකාංග මගින් සංවර්ධනය කර ඇති තාක්ෂණය අනුව පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා සමඟ භෞතිකව සමීප වූ විට ඔවුන්ගේ ජංගම දුරකථන අතර තොරතුරු හුවමාරු වීම සිදුවේ.
එක් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් එය සිය ජංගම දුරකථන මෘදුකාංගය මගින් අනෙක් තැනැත්තන්ට දැනුම් දෙනු ලැබේ.
ඒ අනුව අනෙක් තැනැත්තන්ට ද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට හෝ නිරෝධායන ක්‍රියාවලියකට යොමු විය හැකිය.
පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීමෙන් තොරව මෙම ක්‍රියාවලිය සිදුවන අතර පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට ඇපල් හා ගූගල් සමාගම් සහතික වෙයි.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා කවුදැයි යන්න මෙහිදී හෙළි නොකෙරෙන අතර වෛරසය ආසාදිත පුද්ගලයෙකු සම්බන්ධතාවකට නිරාවරණය වී ඇති බව පමණක් ජංගම දුරකථනයේ මෘදුකාංගය මඟින් දැනුම්දීම සිදුකෙරේ.
-226-
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆෝන් එක ගෙදර තියල ගියාම හරි. එහෙමත් නැත්තම් ෆෝන් එක නැත්තම් ඒත් වැඩක් වෙන්නේ නැහැ.... ටිකක් විතර ප‍්‍රායෝගික මදි වගේ .
හැමෝටම ඩිජිටල් තාක්ෂණයේ උපකරණ තිබුනොත් කරන්න පුළුවන් වැඩක් කියල හිතනවා. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් අත් ඔරලෝසු නැති මිනිස්සු කොපමණ ලෝකයේ ඉන්නවද?. ලෝකයේ අදටත් ගෝත‍්‍රිකයි කියන ජන කොට්ටාශ කොපමණ ඉන්නවද? ප්‍රවෘති වලට සාමාන්‍ය මිනිසුන්ගේ අසාදිත ගණන, මියගිය ගණන පෙන්නුම් කරාට, ලෝකයේ සිටින ගෝත‍්‍රික ජන කොටස් වලට මෙම රෝගය මගින් ඇතිවී තියෙන ගැටළු පෙන්වන්නේ නැත. අනික මිනිසුන්ට හැදෙන වෛරස් කොම්පියුටරේ වයිරස් වලට සමාන කිරීමට යන ගතියක් තියෙනවා. හරියට නිකන් මෙම වයිරසය වර්තමාන ලෝකයේ ජිවත්වෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකලාප වලට සමගාමීවූ රෝගයක් වගේ. සමහර විට එය එසේද විය හැක. මොකද වර්තමාන ලෝකයේ මිනිස්සුන්ගේ ජිවන රටාව ඩිජිටල් තාක්ෂණයත් සමග එකට බැඳී ඇති බැවින්. නමුත් මානවයව යන්ත්‍රයකට සමාන කල නොහැක. මානවයාට හැදෙන ශාරීරික රෝග සියල්ලටම දේශීයව එම භුමිය තුලම සොයා ගත හැකිය කියා සිතනවා. කොරෝන රෝගය ඩිජිටල් තාක්ෂනය හා වෛද්‍ය පරිපාලනය මගින් ඇතිවූ ප්‍රශ්නයක්ද කියා විටෙක මට හිතෙනවා. කෙසේවෙතත් මට මනුස්සයෙක් හැටියට ජිවත් වෙන්න පුළුවන් වුවහොත් හොඳයි.
ඕනවට වඩා සර්ව අශුබවාදී වෙන්න නරකයි මේ වෙලාවේ. මොකද්ද දැන් 100% ප්‍රායෝගික ? මුහුණු ආවරණ දැමිල්ලද ? සමාජ දුරස්ථභාවයද ? ක්ලොරොකුවි නීන්ද ? ඇවිග න් ද ? pcr ද ?මේ එකක්වත් 100% ක් ප්‍රායෝගික නැහැ. මේ කාලේ ඕන කෙනෙක් ළඟ ස්මාර්ට් පෝන් එකෙක් තියනවා. මිනිස්සු නොකා නොබී හිටියත් පෝන් එක ළඟ නිසා මේක සාර්ථක වේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේක ඉක්මනට ජනගත වේවා කියලා...