(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය පරාජය කළ දිනයක, එහි අගය පළමුව ලැබිය යුත්තේ, ජනපතිවරයාට සහ අගමැතිවරයාට බවත්, එහි වීර පදක්කම ලබාදිය යුත්තේ අයිඩීඑච් රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයට බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(08) පැවසුවාය.
ඒ මහත්මිය මේ බව පැවසුවේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය, රෝහල වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
“අයිඩීඑච් රෝහල අපේ රටට තිබෙන විශාල සම්පතක්. එහි අධ්‍යක්ෂතුමා සියලු කණ්ඩායම් ඒ්කරාශි කරගෙන ලබාදෙන නායකත්වය අතිවිශාලයි“
“කෙදිනක හරි මේ රටේ කෝවිඩ්-19 පැරදුවේ කොහොමද කියලා කථාව ලියන කොට පළමුව ජනාධිපතිතුමාගේ නම සහ අගමැතිතුමාගේ නම ලියවෙන්නට ඕනි. ජනපතිතුමා ජාතික නායකත්වයක් ලබාදුන්නා. හැමවෙලේම විශේෂඥ වෛද්‍ය මතයට කන්දෙමින් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට එතුමා සහ අගමැතිතුමා කටයුතු කරපු නිසා තමයි තවමත් ජනතාව අතර මේ වෛරසය පැතිරීම වළක්වා ගැනීමට හැකිවී තිබෙන්නේ.“
“ඊළගට වීරයෝ විදිහට පදක්කම් දෙන්න ඕනි නම කියවෙන්නේ නැති මේ වැඩේ හරියටම කරපු අයිඩීඑච් රෝලේ විශේෂඥ වෛද්‍යතුමන්ලා, වෛද්‍යවරු, හෙදියන්, පරිපුරක වෛද්‍ය සේවා ඇතුලු සියලු රෝහල් කාර්ය මණ්ඩලයටයි. පළමු රෝගියා පැමිණි වෙලාවේ සිට විටෙන් විට මම මේ රෝහලට පැමිණියේ රෝහල් කාර්ය මණ්ඩල ධෛර්යමත් කිරීමටයි. මම කියන්නේ ඔවුන් මිහිපිට දෙවිවරු කියලයි.“
“සෞඛ්‍ය සේවය හදනවා නම් අපි මේවාට තමයි ගරු කරන්න ඕනි. මේ කාර්ය මණ්ඩලවලට තමයි ගරු කරන්න ඕනී. සෞඛ්‍ය ක්ෂේත්‍රය එහෙම වුනොත් ඉදිරියට ගෙන යා හැකියි. නිවෙස් වලට නොගොස් විශාල කැපකිරීම් කර, මානසික පීඩනය මැද ඔවුන් සේවාවන් කළා. මේක තමයි කරළියේ නොපෙනෙන වීරයන්ගේ කතාව“
“දෑත් පිරිසිදු කර ගනිමින් සමාජ දුරස්ථභාවය තබාගනිමින් කටයුතු කළා නම් මේ ලෙඩේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. කෙටි කලකින් මුළු ලෝකයම බිලිගත් මෙම රෝගයට බය නැතිව මුහුණ දෙන ශ්‍රී ලාංකීය ගුණය අපි මේ රෝහල තුලින් දැක්කා. අපේ රටේ තිබෙන එම ගුණය ලෝකයට පෙන්නපු, රටේ ජනතාව ආරක්ෂා කළ ඔබට අපේ ස්තූතිය පුද කරනවා. රටේ සියලු ජනතාව මගේ දරුවෝ කියන නායකයෙක් අද අපට ඉන්න නිසා මේ රටේ අනාගතය සුන්දර වෙයි. අද තිබෙන මේ තත්ත්වය රටෙන් දුරු වෙන්න කියලා අපි අධිෂ්ඨාන කරනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එය අපට සිදු කළ හැකියි. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට නැගිටිනවා” යැයිද ඒ මහත්මිය කීවාය.
COMMENTS
පදක්කම් දෙන අය තීරණය කරලා එහෙම ඉවරයි. අපට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.
නෑ එපා. ඒ පදක්කම් ටිකත් එයාපෝට් වහන්න බෑ කියපු අයටයි චන්දෙ තියන්න ඇඳිරි නීතිය අයින්කරන්න වෙහෙසෙන අයටයි දෙන්න. විමල් වීරවංශ මහත්තයටත් මැරුණ මිනිස්සුන්ගෙ ඇටකටු වලින් හදපු පදක්කමක් දෙන්න.
ඇයි අගමැති මොනා කළාටද? තමන්ගේ වත්කමෙන් සතයක් දුන්නද? ජනාධිපතිට විතරක් දුන්නම හොදටම ඇති. අනික් ඒවා ඔක්කොම නිළධාරින්ට දෙන්න ඕනේ. කිසිම දේශපාලුවෙකුට මොන සම්මානයවත් දෙන්න හොද නෑ.
අයි.ඩී.එච් එකේ ආනන්ද විජේවික්‍රම ප්‍රමුඛ සියලුම වෙදදුරන්, හෙද හෙදියන් කරන්නේ කිව නොහැකි සේවයක්... එතන වාදයක් නැහැ. නමුත් තිරය පිටිපස්සේ තව වීරයෝ ඉන්නවා.. පාරේ මාර්ගබාධක වල ඉන්න ආරක්ෂක හමුදාවල අය, පොලීසියේ අය විඳින දුක... මම දැන් සති ගණනක ඉඳලා දකිනවා ඊළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තව ගොඩක් ඉන්නවා. නමුත් ඉතින් මෙයාලා වගේ අයට ඒ ගොල්ලන් පේන්නේ නැහැ. මේ කතාවෙත් වැඩි හරියක් තියෙන්නේ වන්දි භට්ටකමට නායකයන් වැනීම. සෞඛ්‍ය ඇමති වෙන්න ඇත්තේ ඕක කරලම වෙන්න ඇති.. මොකද වෙන කරපු මගුලක් පේන්නනම් නැහැ..
එතකොට ඡන්දෙ දෙන්න ඕනෑ කාටද? අනේ නිකන් ඉන්න නෝනා. මේ සේරම කතා ඡන්දයක් තියා ගන්නනේ. අපි දන්නේ නැද්ද?
අපව රසවත් කරන ප්‍රකාශ ලබා දෙන, අති දක්ෂ ඇමතිවරියක් පත් කිරීමෙන්ම ඒ උතුමන් දෙදෙනා ගෞරව සම්මානයට පාත්‍ර වී ඇත. දිගටම ඇමති ධුරය රැකගෙන ඇමති ධුරය හොබවා ඔබතුමියද ජනතා සම්මාන ලබාගනු මැනවී....
වසංගත වලිනුත් පදක්කම් ගන්න බලාගෙන ඉන්නේ... නින්දිතයි.
අනිත් අය සියඹලා ගෙනල්ලම නැද්ද? වැඩකට නැති කතා නොකියා ඉන්න බැරි හැටි... අනේ අපොයි..!!!
එපා අපිට මොනවත් එපා...!!! ඡන්දෙන් පැරදිලා යන තැනකට මකබෑවෙන්න..
මාස දෙකක මුළු රටටම ඇඳිරි නීතිය දමලත් තව කොරෝනා රෝගීන් 500ක් රෝහල්වල, 9ක් මැරිලා රටේ අාර්ථිකේත් විනාශ වෙලා... මේ යන විදිහට රට තව මාස 2-3 සම්පුර්ණයෙන් අරින එකක් නැහැ.. මෙයා වීර පදක්කම් දෙන්න කතාකරනවා.
අපේ මැයි මාසේ දුප්පත් පඩියට වැඩේ දෙන්න හිටියට වැඩක් නැහැ. සජිත් මහත්මයා ඒ ඔබලා කපාගන්න පඩිය අපිට නැවත දෙන්නට පොරොන්දු වෙනවා. කොරෝනා වලින් හොඳට යටිමඩි ගහගත්තා සල්ලිත් එක්ක ජොලියක් දාන්න...
නැහැ.. මේ වීර පදක්කම දෙන්න ඕනේ රටේ හමුවුණු පලවෙනි කොරෝනා රෝගියා වන චීන කාන්තාව සුවකරලා බදාගෙන සිප වැළදගෙන ගුවන් යානයක දමලා නැවත චීනෙට යවපු ඇමතිතුමියට.., ලෝකේ කොහෙවත් සෞඛ්‍ය ඇමතිකම කරන කෙනෙක් මේවැනි වැඩක් කරන්නේ නැතුව ඇති...
මේ මානසික මට්ටම නිසා තමයි නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරව දක්වා ගිහින් තියෙන්නේ...
ඔයාට අපි ලෝකෙන් ලොකුම මෙඩල් එක දෙනවා..
නේවි එකේ කඳවුරු තුනක් වහන්න වෙන තැනට වැඩ කරපු අයටත් වෙනම පදක්කමක් දෙන්න ඕනේ...
ඔවු මේ මිහිපිට අපිට පෙනෙන දෙවිවරු තමයි සෞක්‍ය සේවයේ ඉන්නේ... ඒ හැමෝටම හිසනමා මුලු ජාතිකයන් ම ආචාර කල යුතුයි... කවුරු කොයි විදියට මේ ගන කතා කරත් රටේ නායකය සීරුවෙන් නැත්නම් මේ තරම් අපි සාර්තක වෙන්නෑ...
ඉස්සෙල්ලා කොරෝනා පරදමු. ඊළඟට යුද්දෙන් පස්සේ කළා වගේ එහි පදක්කමට සටන්කරමු.
ඇති ඇති ... ඕවගෙන් වැඩක් නැහැ.... චන්දෙදි අපි සජිත්ගේ කණ්ඩායම පත්කර ගන්නවා. හොර නඩය ඇති...!!! දැන් මදැයි... සුනාමි දෙවියන්ගෙන් ලැබුනා වගේම කොරෝනා දෙවියන්ගෙනුත් මදි නොකියන්න ඩොලර් ලැබුනානේ.
හෘදයාංගම කතාවක්. මෙතුමියත් හොඳ රාජ්‍ය සේවිකාවක්...
රාජපක්ෂලාව බටර් ගාලා තියාගන්න ... ඒක තමාගේ පැවැත්මට හොදයි..
ඒ ගොල්ලන්ට පදක්කම් දීල ඔයගොල්ලන්ට චන්දෙ ඉල්ලයි අන්තිමේ? එහෙම උනේ නැතිනම් මට ජුහ් කියන්න.
අනේ මෙහෙමත් සෞඛ්‍ය ඇමතියෝ.
කරු, ඔයාගෙ චන්දෙන් විතරක් ඔක කරන්න බැහැ.කොරෝනා කාලෙ පුතාණෝ හිටියා නම් ඔයා බෑග් එකක් ඇතුලේ දැනටමත්...
මෙයාගේ කතාවේ හැටියට කොරෝනා ඉවර වෙච්ච දාක ඇමරිකාවේ, ප්‍රන්ශේ, එංගලන්තේ, ඉතාලියේ, ස්පාඥ්ඥයේ වගේ රටවල දේශපාලකයින්ව සහ සෞඛ්‍ය අංශවල අයව එල්ලන්න තමයි වෙන්නේ.... තමන් පත්වෙලා ඉන්නේ, තමන්ව පත්කරලා තියෙන්නේ මේ වගේ අවස්ථාවල රාජකාරි කරන්න කියලා නොතේරෙන කමතමයි හේතුව...
පදක්කම් දෙන්නම ඕනෑ. මොකද දූපතක් වෙච්චි රටේ මේ තරම් ආසාදිතයින් වැඩිවෙන්න කටයුතු කරපු එකට සෞඛ්‍ය අංශය ගැටලුවක් නැහැ. එ්ත් අනිත් අය මේ වසංගතය දිහා බැලුවේ සැහැල්ලුවෙන්. සාර්ක් සාකච්ඡාවේදී කිව්වේ මැතිවරණය තියෙනවා කියලා. ඊට පස්සේ කිව්වේ 28 ක් අහුවෙච්ච පලියට රටක් වහන්න පුළුවන්ද කියලා. දැන් මැතිවරණය ඉස්සරහට දාලයි වැඩ කරන්නේ. ඉතින් පදක්කමක් දෙන්න සුදුසුයිද?
හා හා, මොනවා කතා කරනවද? වීරයා වෙන්න ඕන අපේ ජනාධිපතිතුමා නොවැ. කව්රු හරි වහාම පොතක් දැන්ම ලිව්වොත් හොඳයි නේද?
ඔය පදක්කමත් සෞඛ්‍ය අැමතිතුමියටම දීලා දමමු.. එතුමිය කොරෝනා අාසාධිත චීන කාන්තාව සුවපත් කරලා, සිප වැළඳගෙන උත්සවයක් තියලා චීනෙට යැව්වා. ඊට පස්සේ කිව්වා චීන්නු කොන් කරන්න එපා සිප වැළඳගෙන, හොඳින් පිළිගෙන සත්කාර කරන්න කියලා. මාර්තු 20 වෙනකම් චීන්නුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවට එන්න දුන්නා... මෙවැනි වැඩක් ලෝකේ කිසිම රටක සෞඛ්‍ය ඇමති කෙනෙක් කරලා නැහැ.
කොරෝනාවට බෙහෙතක් නැහැ. හොඳ වෙන්නේ තමුන්ගේ ශරීරයේ හයියට. හයිය නැති අය මැරෙනවා. කොරෝනාව එක්ක ෆයිට් කරන්න පුළුවන් සිරුරු ඇති අය ගොඩඑනවා. ඉස්පිරිතාලවල උදේ, දවල්, රැයේ සේවය කරන නර්ස් නෝනලා මහතුන්ට මේ ප්‍රණාමය දියයුතුයි. අනිත් අය සංගම් පිටින් අපියි කරේ කියලා එයාලාම ලකුණු දාගෙන තවත් උඩයන්න හදනවා. ඕක නොවෙයිද ඇත්ත..?
දැනටමත් ඔහුන් ජනතා පදක්කම් ලබා ඇත... දේශපාලන පදක්කම් වුවමනා නැත...