(පී.එම්. රාජපක්ෂ)
මධ්‍යම පළාත තුළ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම ලෙස පහසුකම් සැලසීමේ අරමුණින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාලේ උපදෙස් පරිදි මහනුවර පිහිටි ඒම කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති මෙම මෙහෙයුම් මැදිරිය තුළින් මධ්‍යම පළාතේ ජනතාව ඉදිරිපත් කරන ගැටලු පිළිබඳ විමර්ශනය කොට සුදුසු විසඳුම් ලබාදීම සිදු කෙරේ.
ඒ අනුව අවශ්‍ය සහන ලබා ගැනීම සම්බන්ධයෙන් හෝ කොරෝනා වෛරසය නිසා සිදු වන පීඩාකාරී තත්වයකට සහන අවශ්‍ය නම් ඒ සදහා 081-7200480 හෝ 081-4953363 යන දුරකතන අංක විවෘත කොට ඇත.
නව තාක්ෂණය භාවිත කරන්නේ නම්, වට්ස් ඇප් හෝ වයිබර් යටතේ 076-2611717 යන අංකයත්, [email protected] යන ඊමේල් අංකය මගින් මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධවීමට මධ්‍යම පළාතේ ජනතාවට අවස්ථාව ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක්