කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 649 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (29) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 30 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 136 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොරෝනා රෝගීන් තරමක් වේගයෙන් වැඩිවන බවයි පේන්නෙ. සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනුගමනය නොකිරීමෙන් මෙම තත්වය වර්ධනයට හේතුවී ඇත. තවදුරටත් ඇදිරි නීතිය දික්කර ගනිමින් එකතැනකට වෙලා ඉන්න කැමතිනම් මෙසේ අපරීක්ෂාකාරීව හැසිරෙන්න.
දැන් ලෝකෙ කීවෙනි සාර්ථක නායකයෙකුද?
කව්රුන් කෙසේ කිව්වත් මේ ආකාරයට රෝගීන් වැඩිවීමෙන් හොඳක් නම් සිදුවෙන එකක් නම් නැහැ. මෙසේ වැඩිවීමෙන් උපකල්පනය කළ හැක්කේ වැඩපිළිවෙල අක්‍රමවත් බවයි. ජනපතිතුමනි,මේ ගැන ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරනු මැනවි.
මෙය වර්ධනය වීමට හේතුව වෙන්නේ වෛරසය ගැන අවබෝධයක් නැතිකමත් ,නොසැලිකිලි කමත් නිසයි. සමහරක් කොටසක් නිසා තමයි මේ දේ වර්ධනය වෙන්නේ .