IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

(රොමේෂ් මධුෂංඛ සහ එන්. පරමේෂ්වරම්)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි  දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පුජකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමගම එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

මේ වන විට දේවස්ථානය වටලා පුද්ගලයන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේදී උපත ලබා ඇති මෙම පූජකවරයා විසින් මෙහෙයවන ලද සුවකිරීමේ දේව මෙහෙයට 250 කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

මෙම පූජකවරයා සමීපව ඇසුරුකළ පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණ සහිත රෝග ලක්ෂණ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. එහෙත් එම පුද්ගලයන් දෙදෙනාට නිශ්චිතවම වයිරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් පරීක්ෂණ කරන බවත් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන්  සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඇතම් බැතිමතුන් පිළිබඳව මේ වන විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසයි.

මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.

එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු කරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.



අදහස් (4)

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

Chaturi Saturday, 21 March 2020 12:24 PM

මෙම පූජක වරයාට කියල පාර්ලිමේන්තුවේ දේව මෙහෙයක් තියන්න. 225 අනිවාර්යෙන් ගෙන්වන්න. ගුවන් තොටේ තියෙන මැෂිමට රෝගය අසුවුනේ නැත්ද? අනිවාර්යෙන් අසු වෙන්න ඕන ලෙඩේ පිටදමල ඉවර නිසා. ඔය නඩේ වගේ තමයි ගෙනෙන උපකරණත්. රටට ජනතාවට කිසිම වැඩක් නැහැ.

:       1       30

Don Saturday, 21 March 2020 02:01 PM

බෝම්බ බැඳගෙන ආපු මනුසතා නොපෙනුණු දෙවියන්ට ඇසට නොපෙනෙන වයිරස් පෙනෙන්නේ කොහොමද?

:       0       80

Bamunuarachchi Sunday, 22 March 2020 02:16 AM

යාපනය "ලොක්ඩවුන්" කරන්න ඒ ගොල්ලෝ ඒක බේර ගත්තාවේ.

:       0       51

anura Monday, 23 March 2020 01:25 AM

අන්ධ විශ්වාසය හඹා යන්නන්ට මෙය හොඳ පාඩමක්. ආගමික ශාස්තෲන් වහන්සේලා අසනීප වූ විට ජීවක වැනි වෛද්‍ය වරුන්ගෙන් එකල ප්‍රතිකාර ගත්තා මිස ඓශ්චර්ය ක්‍රම උපයෝගී කර නිරෝගීවීමට උත්සාහ නොකළේ ඒවා බොරු වැඩ බව දැන සිටි නිසාය. පසු කළෙක අනුගාමිකයන් ලෙස පෙනීමට උත්සාහ කරන සමහරෙක් තම වාසියට ධර්මයන් විකෘති කර මහජනතාව මුලා කරනු ලබයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site