(රංජන් කස්තුරි)
කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු අද ( 12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව එම රෝගියා ශ්‍රී ලංකාවෙන් හමු වූ ලාංකික දෙවැනි කොරෝනා අසාදිතයා වේ.
ඔහු සමඟ ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව තුනකි.
44 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොරෝනා වයිරසය වැළදී තිබු බවට පෙරේදා ( 11) සොයාගත් සංචාර මග පෙන්වන්නා සමඟ මොහු නවාතැන් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
ජයවේවා ! කලින් පියවර නොගත්තාට.......
සියලු ගුවන් ගමන් නතර කරන්න. රටට අැතුළු වීම තහනම් කරන්න. තවම ප්‍රමාද නෑ.
මේ රෝගය දෙපැත්තට බෙදිලා ගහ මරා ගැනීමෙන් වළක්වන්නට පුළුවන් දෙයක් නෙවේ. දැනට ලංකාවේ මෙම වයිරසය වැළදී ඇතැයි සැක කරන 19 දෙනෙක් ඉන්නවා කියලත් වාර්තා උනා. සියලුම ජනතාව ශක්ති ප්‍රමාණයෙන් මෙම වයිරසය එකිනෙකා අතරේ බෝවීම වැලැක්වීම සඳහා සෙනඟ ගැවසෙන ස්ථාන වලට නොයාම, නිතර සබන් යොදා දෙඅත් සේදීම හැකිනම් මුහුණු වැස්මක් පැළඳීම වැනි ක්‍රියා මාර්ග ගැනීම තුලින් ලොකු අත් උදව්වක් කළ හැකි වෙනවා. සෙනඟ එකතුවෙන සියලුම ක්‍රියා අත් හිටුවිමද හොඳ වැඩක්.
අර කට ඇද කරකර රූපවාහිනියේ කතාකරන මහාචාර්යවරිය මේ ගැන මොනවද කියන්නේ...?
මෙයට වග කියන්න ඕන මේ රට කරන අයිය මලෝ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ වැඩ. හැම නායකයෙක්ම තමන්ගේ රටට කොරෝනා වයිරසය නොඑන්න ගුවන් ගමන් තහනම් කරද්දී මේ දෙන්නා විතරක් වැඩ කරනවා. චීනෙට ගුවන් යානා යනකොට ගුවන් සේවිකාවන් පමණයි. නැවත එනකොට චීන්නු පුරෝගෙන එන්නේ. අපරාදේ මුදල් නේද ? මේ මොවුන්ගේ හැටි දැන ගැනත් රට බාර දුන්නනේ. රට ආරක්ෂා කරගන්න හොඳට ඉඩ තිබුනා. මොවුන්ගේ නොසැළකිල්ල.
දෙවෙනි රෝගියා පළවෙනි රෝගියා හා සම්බන්ධ කෙනෙක්. පළවෙනි රෝගියා සංචාරක මඟ පෙන්වන්නෙක්. ඒ ඇරුනහම වෙනත් කවුරුවත් තවම කොරෝන කියල හොයාගෙන නැහැ. ඒ නිසයි කොරෝනා නිරෝධනය ඉතාම වැදගත් වෙන්නේ. සංචාරක මඟ පෙන්වන්නන් සියලු දෙනාටත් ස්වේච්ඡාවෙන් කොරෝනා ටෙස්ට් වලට එන්න කියන්න. ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන රෝහලට. ලංකාව හුඟක් උෂ්ණාධික නිසා මේ වෛරසය පැතිරීම දැනට අඩුයි. එක් රෝගියෙකුගෙන් තව හතර පස් දෙනෙකුට තමයි වැළඳේයි කියලා හිතන්නේ. ඒ හින්දා නිරෝධායනය කියන එක හුඟක් වැදගත්. පොදු ස්ථාන පාවිච්චි කරන එක අත්‍යවශ්‍යම නම් පමණක් කරන්න. පොදු වාහන වලට ගිහින් ආවහම සබන් දාලා අත හොඳට සෝදන්න. ඒ වගේම පොදු වාහන වලදි මුහුණ ඇල්ලීම වගේ දේවලින් වළකින්න. ආණ්ඩුවටම මේ වැඩේ බාර දීල ඉන්නේ නැතුව ජනතාව තමන්ගේ සහයෝගය දෙන්න.
දැන් දොස්තර ජනනායකට කියමු බෙහෙතක් හොයා දෙන්න කියලා. උණු වතුර සහ වෙනිවැල් ගැට බීලා නම් බැරිවේවි.
මිනිස්සු මුඛ ආවරණ දාන්න හදනකොට සෞඛ්‍ය බලධාරීන් කිව්වා ඒවා අවශ්‍ය නොවන බව. මේ තත්වය මාසයකට පෙර පාලනය කරන්න තිබුණා. බලධාරීන් මේ අවධානම හෑල්ලුවට ගත්තා..
ලංකාවට හැකි පමණින් උසස් ලෙස නිරෝධන කටයුතු කරන බව සාමාන්‍ය ජනයාට ඉතා පැහැදිලිය. එයට අප ප්‍රශංසා කළයුතු නමුත් ඉතාලියේ සිට මර බයේ ලංකාවට පැනලා ආපු තම ප්‍රතිරූපය පුම්බා ගන්න රත්තරන් චේන් එකක් පැළඳ සිටි හනුමන්තාගේ පෙනුම ඇති අකෘතඥ මිනිහා බැහැපු ගමන් කලේ බොරු ඡායාරූප පෙන්නා අප රටේ කීර්තිනාමයට හානි කිරීමයි. තවද ක්ලෝරීන් (බ්ලීච්) ක්‍රීම් ගාලා නයා හැව ඇරියාක් මෙන් මුහුණ සුදු කරගත් කොන්ඩේ තඹපාට ඉතාලි අක්කා කෙනෙක් තම ඇඟේ විෂබීජ අනුන්ට දන්දෙන්නට මෙන් මුඛවාඩමක් හෝ නැතිව ඔවුන්ට උදව් කරන්න පැමිණි නිලධාරීන්ට බැණවැදුනේ ඔවුන්ට තම ගෙවල් වලට යන්න ඕනේ කියයි. මේ මෝඩයින්ට කෙසේ මොලය දෙන්නද? මා ඉල්ලා සිටින්නේ මේ අය කල මෙම නොකටයුත්ත ගැන පරීක්ෂණයක් කර ලංකාවේදී පුනරුත්තාපනය කර නැවත ඉතාලියට එවන්න කියායි. හැබැයි මෙවැනි අය අායෙත් ඉතාලියට නාවත් කමක් නැත.
කොරෝනා වෛරස් එක නිසා එකවර රටක් වහලා දමන්න බැහැ. මේක කරන්න ඕනේ පියවරෙන් පියවර... මුලින්ම කොරෝනා රෝගීන් වැඩියෙන්ම ඉන්න චීනය, කොරියාව, ඉතාලිය වැනි රටවල සිට එන මගින් නිරෝධනය කරන බවත්, සති දෙකකට පසුව එම රටවල සිට පැමිණෙන මගීන්ට ලංකාවට ඇතුළුවීම තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු තහනම් කරන බවත් දැනුම් දෙන්න ඕනේ... මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ.. එම රටවල ඉන්න කොරෝනා රෝගීන් සංඛ්‍යාව අනුව... නැතුව අපි එම රටවල් එක්ක තිබෙන ආර්ථික සම්බන්ධතා, වැනි දේවල් මෙහිදී සැලකිල්ලට ගන්න බැහැ. කොහොම නමුත් කොරෝනා වැඩියෙන් පැතිරෙන, චීනයට, කොරියාවට, ඉතාලියට, ඉරානේට සංචාරක විසා දීම නම් වහාම නවත්වන්න ඕනේ... අත්‍යාවශ්‍ය දෙයකට මිසක් විනෝදෙට මෙහෙ එන්න දෙන එක නවත්වන්න ඕනේ... දැන් එංගලන්තෙත් කොරෝනා සීඝ්රයෙන් පැතිරෙන්න පටන් ගෙන.., එහෙන් එන මගිනුත් නිරෝධනය කරන්න වෙනවා නම් ආරක්ෂක පියවරක් වශයෙන් සතියකට කලින්වත් ඔවුන්ට මේ ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනේ... නැතුව ඔවුන් කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන වලට බලෙන් දක්කාගෙන යන්න බැහැ.
එකම අස්වසිල්ලකට තිබෙන්නේ වැඩි උෂ්ණත්ව තිබෙන පරිසර වල කොරෝනා පැතිරීම සිදුවන්නේ ඉතා මන්දගාමීව වීමයි. මම මෙහෙම ප්‍රකශ කරනකොට සමහරු කියාවි ඉරානේ,කටාර් එමිරේට් වැනි රටවල උෂ්ණත්වය වැඩි නේද කියලා. ඉරානේට දැන් සිත සෘතුව, ටෙහෙරානයේ උෂ්ණත්වය අද 20°c, කටාර් වැනි රටවල රටවල බොහෝවිට වායුසමීකරණ යන්ත්‍ර භාවිත කරනවා. එතකොට උෂ්ණත්වය පහල බහින අතර එම වායුසමීකරණ යන්ත්‍ර වල ෆිල්ටර් තුළ කොරෝනා බෝවීම සීඝ්‍ර ලෙස සිදුවෙනවා. එම වායුසමීකරණ යන්ත්‍ර වලින් පිටවෙන සුළගෙන් නැවත අලුත් අයට කොරෝනා බෝ වෙනවා. ලංකාවෙන් හමුවුන සංචාරක මගපෙන්වන්න අනිවාර්යයෙන් මෙම සංචාරකයන් සමග බොහෝ වේලාවක් එකම වායුසමීකරණය කරන ලද එකම වාහනයේ ගතකරන්න ඇති. සමහර විට වායු සමනය කරපු එකම කාමරයේ නවතන් ගන්න ඇති. සෙල්ෂියස් අංශක 29 වැඩි උෂ්ණත්ව වලදී කොරෝනා සෑදුන රෝගීන් පවා අපහසුවකින් තොරව ඉන්නවා. උෂ්ණත්වය වැඩි වුනහම ඔවුනුත් ඉක්මනට සුව වෙනවා. එමනිසා අපි නොදැනීම කොරෝනා රෝගීන් ලංකාවේදී රෝග ලක්ෂණ නොපෙන්වම ස්වාභාවිකවම සුව වෙන්න පුළුවන්.
මේ ආණ්ඩුව ආපු දවසේ ඉදන් රටට අපලයි. වැස්ස නැහැ. වතුර නැහැ. මිනිස්සුන්ට කන්න හාල් එළවලු නැහැ. ඒ මදිවට රෝග බිය. විශාලා මහනුවර වගේ අපේ රට.
රජය මීටවඩා කලින් අවශ්‍ය පියවර ගන්න තිබුණා. දැන් ප්‍රමාදයි. ආසාදිත අය ඕනෑතරම් මේ වෙනකොට රට තුළ ඉන්න පුළුවන්...
සියලු පියවර වේලාසනින් ගන්න අපේ රටේ ආර්ථිකය අනුව රෝග වසංගතයක් අවොත් රට විනාශයි.
කවුද බූරුවෝ වගයක් දවස් තුනකට පෙර කියා තිබුනා මේක බුදුන්ගේ දේශය කොරෝනා එන්නේ නෑ කියාලා......
කොරෝනා නිරෝදායන ක්‍රියාවලිය සඳහා විරෝධය පල කරන විදේශ සිට එන ශ්‍රී ලාංකිකයන්ට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කලයුතය . නොයෙකුත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් තම ජීවිතය පවා ගැන නොසිතාම සේවය කරන රට දැය රැකදුන් අභීත රනවිරුවන්ට නිග්‍රහ කරන මෙවන් පරගැති, ශ්‍රී ලාංකිකයන් බව පවසන අමනයින් ගේ වචන ගැන කම්පාවට ලක් නොවී කටයුතු කරන යුදහමුදාපතිතුමා සහ කාර්යමණ්ඩලයට සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තුමා ඇතුළු කාර්යමණ්ඩලයට අපගේ ප්‍රණාමය පුදකරමි.