කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු අද (24) සොයා ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ යනු ඇත.
දිනක් තුළ වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයේ (23) වාර්තා විය.

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකු අද (24) සොයා ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ යනු ඇත.
දිනක් තුළ වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයේ (23) වාර්තා විය.

COMMENTS
බොහෝවිට නොසැලකිලිමත්කම නිසා පැතිරෙන බව පෙනුනට තව දෙයක් වෙනවා. බැංකු රාජ්‍ය ආයතන වගේ තැන් වලට මිනිස්සු එන එක සීමා කරන්න කාටවත් බැහැ. සමහර රාජ්‍ය බැංකු ඉස්සරහ තියෙන පෝලිම් දැක්කහම බය හිතෙනවා. ඇඳිරි නීතිය තියෙත්දීම මිනිස්සු කොහොම හරි සහන ණය ගන්න, නැතිනම් උකස් කරන්න මේවට එන්නේ බැරිකම නිසා වුනත් ඒ නිසාවෙන් මේවයේ කාර්ය මණ්ඩල පවුල්වල ජීවිත අනතුරේ නොවේද? මේ එන අය පරීක්ෂා කරන්න හැකි ආරක්ෂක අංශයක් රජයේ හෝ පුද්ගලික ආයතන වල නැහැ. ඇත්තටම ජා ඇල මීගමුව මිනුවන්ගොඩ කටුනායක කොච්චිකඩේ,වෙන්නප්පුව වගේ අධි අනතුරුදායක පැතිවල සමහර බැංකු දිනපතා විවෘත්ත කිරීම මහජනයා ගැවසීමට හේතුවක් නොවේද?
ඒ අය හම්බ වුණෙ මොන මොන පැති වලින්ද
මෙතරම් තාක්ෂණය දියුණුව තිබියදීත් අපේ රාජ්‍ය කලමනාකරනය අන්තර්ජාලය හරහා කරන්න බැරි අයි? උදාහරණයකට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව... මිනිස්සු පෝලිමේ ඉන්න ඕනේ නැ.. වෙලාව වෙන්කරන ලද වෙලාවට ගියා වැඩේ කරා.... ආවා රස්තියාදු නැ සෙනඟ පිරෙන්නේත් නැ.
මෙයට ඇති හොදම විසදුම එය වැදගත් සේවාවක් ලෙස ගෙන ඒවා දිගටම සත්‍ය ලෙස පැවත් වීම වේ.. නමුත් දැන් බොහෝ එවන් සේවාවන් ඉතා සීමිත ලෙස දොරගුළු දමා කරනු ලැබීම මහා නගර වලත් දක්නට ලැබේ.. එවිට වන්නේ සාමාන්‍ය ජනයාට දොර ළඟ රැස් කරමින් සැමදාම සිටීමය.. රටට වැදගත් සේවයක් නොසිදුවේ..