ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
තවත් පුද්ගලයකු සුවය ලබා පිටව ගොස් ඇති අතර, ඒ අනුව පුද්ගලයන් 105 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
(ප.ව - 5.30 වනවිට)
තවත් කොරෝනා අසාදිත පුද්ගලයින් 12 දෙනකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 322 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
පුද්ගලයින් 104 දෙනකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර පුද්ගලයින් 7 දෙනකු මිය ගියහ.
මින් රෝගීන් 11 දෙනෙක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
අනෙක් රෝගියා පොලොන්නරුව රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටින අයෙකි.

COMMENTS
වයිරස කියන්නේ මිනිස් වර්ගයා මේ පොලවේ ඇතිවෙන්නත් කලින් ඉදන් මෙහි පවතී දෙයක්. ඒ වගේම මිනිස් වර්ගයා මෙලොවින් තුරන් වෙලා ගිය දාටත් වයිරස පවතී. බටහිරවිද්‍යාවට වයිරස හමුවේ කටඋත්තර නැත. නමුත් දේශීය වෙදකමේ මේ සදහා ප්‍රතිකාර තිබේ, කරුණාකර සොයා බලන්න, ඇතැම් දේශීය වේදමහතුන්ගෙන් (ඉන්දීය ආයුර්වේද නොවේ ) බෙහෙත් ගත් අයට මේ ලෙඩේ හොදවෙලා තියනවා. නමුත් මේ දේශීය වෙදකමට අදාළ පරියේෂණ පත්‍රිකා ඉල්ලා වැලලෙන්න හදන්න එපා. මිට වසර 200 කට පෙර බටහිර වෛද්‍ය විද්‍යාව එන්න කලින් මිනිස්සු මෙවැනි වසංගත වලට මුහුණ දුන්න. පොදුවේ දෙවියන්ගේ ලෙඩ ලෙස හදුන්වන මේවට ඇති සාර්ථක වේද හෙද කෙම් ක්‍රම භාවිතා වුනා.
නුවන් මහතාණෙනි, දෙවියන්ගේ ලෙඩ ඔක්කොම වයිරස මගින් ඇතිවන ඒවා නොවෙයි. පටලවාගන්න එපා. ඒවා ගොඩක් බැක්ටීරියා මගින් ඇති කරන ඒවා. හෙළ වෙදකමෙන් සුව වූ කොරෝනා රෝගීන් කව්ද කියා කියන්න පුලුවන්ද? අභිමානවත් හෙළ වෙදකම ආධ්‍යාත්මයත් එක්ක බැඳුනු එකක්... ආහාර පුරුදු හා චර්යාවන් ඊට ප්‍රගුණ කල යුතුයි. සිල්ලර කතා මගින් ඒ මහා වෙදකම හෑල්ලු කරන්න...