(ඩී.ජී.සුගතපාල)
කොරෝනා බවට සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා ඇල්පිටිය රෝහලේද විශේෂිත වාට්ටුවක් සුදානම් කරමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කොරෝනා වයිරසය වැළඳුන රෝගීන් ඇතුළත් කරගන්නා දකුණු පළාතේ එකම රෝහල කරාපිටිය රෝහල වන අතර දැනට පවතින තත්වය අනුව ඉදිරියේදි රෝගින්ගේ වැඩිවීමක් සිදුවී කරාපිටිය රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවුනහොත් ඒ සඳහා ඇල්පිටිය රෝහලේ වාට්ටුවක් සුදනම් කරමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එයට අමතරව බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේද ඉඩ කඩ ප්‍රමාණවත් නොවුණහොත් ඉදිරිදිනවල නිරෝධායනයට යොමු කරන පිරිස් සඳහා දඩල්ල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක්සූදානම් කරමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
අද(21) උදෑසන වනවිට කරාපිටිය රෝහලේ සැක සහිත රෝගින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින සංඛ්‍යාව 11 දෙනෙකි. එම 11දෙනා දෙනා අතර විදේශිකයින් දෙදෙනෙක්ද රත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකදි සොයා ගන්නා ලද කොරෝනා ආසාදිත ජපන් ජාතිකයාගේ 18 හැවිරිදි දියණියද වෙති.
2025 දෙසැම්බර් මස 04
490
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා ආසාදිතයන්ට ඇල්පිටිය රෝහලේත් විශේෂ වාට්ටුවක්