IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති

ඉන්දියාවේ මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආසාදිතයන් තිදෙනෙකුගේ සාම්පල රිලා රංචුව රැගෙන ගොස් ඇතැයි නිලධාරීහු පවසති.

ගසකට නැගුණු එක් රිලවෙකු එම සාම්පලයක් කඩමින් සිටින වීඩියෝවක් ද මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතී.

රිලවුන් මෙම සාම්පල ඒ ආසන්නයේ පිහිටි සෙසු පෙදෙස්වලටද ගෙන යාම හේතුවෙන් වයිරසය ව්‍යාප්ත වීමට අවකාශයක් ඇතැයි ජනතාව තුළ බියක් හටගෙන ඇත.

කෙසේවුවත්, එම ආසාදිතයන්ගෙන් නැවත සාම්පල ගෙන නොමැති බව පැවසේ.

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.


(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)
16844

සබැඳි -  වීඩියෝ දර්ශන  ටයිම්ස් ඔෆ් ඉන්දියා අනුග්‍රහයෙන්



අදහස් (10)

කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති

පූජා Friday, 29 May 2020 04:54 PM

මේ රිලවුන්ටත්, ඕනේ නැති දෙයක් නැහැනේ..

:       0       0

WCA Friday, 29 May 2020 11:09 PM

මන් හිතුවේ මෙහෙ කියලා... ඔයවගේ නිව්ස් උඩටම දානවද මෙහෙම...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 02:15 AM

මේ සතුන් දන්නා දෙයක් නැහැ. ඒත්,මේ රුධිර සාම්පල මීට වඩා ආරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීමට ඉඩ තිබුණා නේද ? මේ රෝගය සතුන්ගෙන් ව්‍යාප්ත උණොත් එහෙම මොනවායින් මොනවා වෙයිද කව්ද දන්නේ.කොහොම උනත්,කේරළ ගංජා ඇතුළු මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් හොරෙන් ගෙනාවා.එය ඉතාමත් සූක්ෂම හා සංවිධානාත්මක අයුරින් සිදුවෙනවා. දෙවුන්දර, මිරිස්ස,බේරුවල ආදී ප්‍රදේශවල සමහර ධීවර බෝට්ටු හරහා මේවා සිදුවෙන බවට ආරංචි තියෙනවා.අපේ රටේ ජනතාව රැක ගැනීමට මේවාට විරුද්ධව දැඩි පියවර ගත යුතුයි.

:       0       406

Rasi Saturday, 30 May 2020 02:18 AM

ඒ රටේ 3% අයිති අය වෙන්න ඇති.

:       266       285

SadunSaturday, 30 May 2020 03:45 AM

මේ නම් මානසික ලෙඩකින් පෙලෙන පුද්ගලයෙක්. මම JVP කෙනෙක් නෙවෙයි... මෙය නම් මහා මානසික ආතතියකින් පෙලෙන කෙනෙක්. බෙහෙත් ගන්න...

:       1       0

Kasun Saturday, 30 May 2020 03:46 AM

ඉන්දියන් කාරයින්ගේ හනුමන් වෙන්න ඇති...

:       0       0

rihan Saturday, 30 May 2020 04:28 AM

වහාම අත් අඩංගුවට ගෙන උසාවියට දාන්න.

:       0       279

karuSaturday, 30 May 2020 10:13 AM

එහෙම කොහෙද මෙයා වඳුරන්ගේ phi මහත්තයෙක්... හැබැයි අපේ phiලා වගේ කැමරා කාරයින් අරගෙන නොවෙයි එයා යන්නේ...

:       0       0

සෙනෙවිරත්න Saturday, 30 May 2020 07:47 AM

Rasi මහත්තයෝ... 3% කියපුවා කවදාවත් බොරු නෙවෙයි. ඒකට කාලය විතරයි අවශ්‍ය... මහත්මයාට පේනවා නේද ඉතිරි 97% කගේ ඥාණාන්විත තීරණ නිසා අර 5000 ගන්න පෝලිම් වල මරාගන්න හැටි. 3%නේ කට වැහුවොත් මේ රට කරන අයට හරි සහනයක්, ඒත් ඔබගේ කට සදහටම වැහේවි ඉන්පසුව...

:       2       12

RanasingheTuesday, 02 June 2020 01:59 PM

3%ට තිබුණේ කියන්න විතරයි.. එම දේවත් හරියට කරානම් මෙහෙම විහිළුකාරයින් වෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site