IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයන්ගේ ඉවතලන ද්‍රව්‍ය පුළුස්සන්න

(රේඛා තරංගනී ෆොන්සේකා)

කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධානය වන සහ කොරෝනා ආසාධිතයින් හමු වු නිවෙස්වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඇතුලු කසළ පොදු කසළ කඳු වලට මුදා නොහැර ගෙවත්තෙම පුලුස්සන්නයැයි බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පවසයි.

කොරෝනා ආසාධිතයන් හමු වුන  නිවෙස් වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඔස්සේ වයිරසය ව්‍යාප්ත විය හැකි බැවින් කසළ කළමණාකරණ සේවකයින් යම් අවදානමකට ලක්විය හැකි බව පෙන්වාදෙන ඒ මහතා නිරෝධාන නිවෙස් වලින් ඉවතලන කසළ බැහැරලීමට විධිමත් පියවර ගතයුතු බව පැවසීය.

නිරෝධාන වන සහ කොරෝනා රෝගීන් හමු වු නිවෙස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහමහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඔස්සේ හඳුනාගෙන ඔවුනගේ කසල නිවෙස් පරිශ්‍රයේදිම පුලුස්සා දමන්නට පියවර ගතයුතු බව ඔහු පැවසීය.

කසළ පිළිස්සීමට හෝ වල දැමීමට ඉඩකඩ නැති නිරෝධානයට යොමු වුන නිවැසියන්ගෙන් බැහැරලන කසල නිරෝධාන දින 14 නිමවී පැය 72 ක් සීල් කළ බෑගයක ආරක්ෂිතව රඳවා තබා බැහරලීමට පියවර ගන්නා ලෙස පැවසීය.

මේ වනවිට මෙම උපදෙස් නිරෝධායනය වන්නන් සහ ආසාදිතයන් සිටින ස්ථාන කරා දන්වා යවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එවැනි නිවෙස්වලින් බැහැරලන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ප්‍රතිචක්ක්‍රිකරණ මධ්‍යස්ථාන වලට භාර දීම කෙසේවත් සිදු නොකරන ලෙසද ඔහු පැවසීය

බස්නාහිර පළාත තුල සක්ක්‍රිය කුණු කඳු 25ක් තිබෙන අතර කොළඹ,ගම්පහ,කඵතර යන දිස්ත්‍රික්කයන්හී පළාත් පලන ආයතන 49 කින් එම කූණුකඳු වලට කසළ මුදා හැරෙති.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන්ගේ ඉවතලන ද්‍රව්‍ය පුළුස්සන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site