උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි.
මෙම මිසයිල අද(29), උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සාගරය දෙසට යොමුකර තිබේ.
දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පවසන්නේ ඒවා කිලෝමීටර් 30ක උසකින් කිලෝමීටර් 230ක දුරක් ගමන් කළ බවයි.
මේ සම්බන්දව විරෝධය පලකරමින් දකුනු කොරියාව නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ, “කොවිඩ් - 19 ව්‍යාප්තිය හේතුවෙන් මුළු ලෝකයම දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින තත්ත්වයක උතුරු කොරියාව සිදුකර ඇත්තේ නුසුදුසු ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුය.”
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම කොරෝන වලින් බැටකනවා , මේ මනුස්සයාගේ රටේ මිනිස්සු හාමතේ මැරෙනවා , මේ කලබල අස්සේ මිසයිල අරිනවා. කිසිම අණක් ගුණක් නැති මිනිහෙක්.
මානුෂත්වයට ඉතාම වැරදි...