IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිය යන ගණන ලක්ෂය ඉක්මවන බව ට්‍රම්ප් කියයි

 

‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000කට ආසන්න පිරිසක් මරණයට පත්වනු ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

මේ වසර අවසානය වනවිට නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි නව එන්නත් නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොක්ස්’ පුවත් නාලිකාව සමඟ පැය දෙකක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා අද (4) ඒ බව පැවැසීය.

ජනවාරි 23 වැනිදා සිය නිලධාරීන් තමන්ට වයිරසයක් පිළිබඳ තොරතුරු දැනුම් දුන්න ද එය මෙතරම් බරපතළ වනු ඇතැයි ඔවුන් දැනුම් නොදුන් බව ද ජනාධිපතිවරයා මෙහිදි අනාවරණය කළේය.

එහෙත් ඇමෙරිකානු බලධාරීන් වසංගතයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කළ ද ඔහු එය ගණනකට නොගත් බව ඇමෙරිකානු මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

වසර අගදී එන්නතක් නිෂ්පාදනය කිරීම හැකියාව ලැබෙනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් සොයාගැනීමට තවත් මාස 18කට ආසන්න කාලයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසති.

‘‘අපිට 75 දාහත් 80 දාහත් එහෙම නැතිනම් ලක්ෂයක් අහිමි වේවි. 100,000ක් මරණයට පත්වෙන්න පුළුවන්. එය මහා බයංකාර දෙයක්’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.

මීට පෙර සතියකදී 60,000ත් 70,000ත් අතර පිරිසක් කොරෝනා වයිරසයෙන් මියයනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර ප්‍රකාශ සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් අද (4) පස්වරු 6.50 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ 68,633 දෙනකුට ජීවිත අහිමි වී ඇත. එරට කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,89,845කි. වයිරසය ආසාදනය වූ 1,78,671 දෙනකු සුවය ලබා ඇත.
මේ අතර ‘ෆොක්ස්’ පුවත් නාලිකාව සම්මුඛ සාකච්ඡාවට එක්වූයේ වොෂින්ටන් නුවර ‘ලින්කන්’ ස්මාරකය ආසන්නයේ සිට ය.


අල්ජසීරා/රොයිටර්

055 



අදහස් (7)

කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිය යන ගණන ලක්ෂය ඉක්මවන බව ට්‍රම්ප් කියයි

Champa Monday, 04 May 2020 03:20 PM

තුන්වෙනි ඡේදයේ තියෙන එක නිකම් අහල පුරුදුයි වගේ. "පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි අංශ කිව්වා හැබැයි මේ තරම් ලොකු ව්‍යසනයක් වෙයි කියල හිතුවේ නැහැ." මෙච්චර කල් චීනෙට වරද පැටෙව්වට දැන් ඇමරිකන් ජනාධිපතිම පිලිගන්නවා තමන් කොරෝනා මැඩලන්න වේලාසන පියවර ගත්තේ නැති බව හෙවත් මිනිස්සු මැරෙන බව දැන දැනම නිකම් හිටිය කියන එක. තමන්ගේ නොසැලකිල්ල නිසා ඇමරිකාවේ මිනිස්සු ලක්ෂයක් මැරුණා කියන එක සුළු පටු දෙයක් නෙමෙයි. ජන සංහාරයක්. මානව හිමිකම් කොමිසම මේ ගැන මක් කියයිද දන්නේ නැහැ නේද?

:       225       309

namal Monday, 04 May 2020 04:57 PM

නොදන්න දේවල් කතා කරන්න එපා... වෛරසයක් මිනිස්සු මිලියන ගනනක් ඉන්න රටක පැතිරෙනකොට ජනාධිපතිට මොකුත් කරන්න බෑ... ඇමරිකාව මේකෙන් වෙන හානිය අවම කරන්න හැකි උපරිම උත්සාහය ගන්නවා... නමුත් චීනය හිතාමතා ලෝකයෙන් සති ගණනක් තොරතුරු වසන් කිරීම නිසා වෛරසය පැතිරුනා...

:       552       837

PrabhaMonday, 04 May 2020 05:30 PM

නොදන්න දේවල් කතා කරන්න එපා කිව්වෙ ට‍්‍රම්ප්ටද? ලංකාවෙ නම් දැනටමත් බෙහෙත් හොයාගත්ත අය ඉන්නවා...

:       7       48

PrabhaMonday, 04 May 2020 08:09 PM

මම බෙහෙත් හොයාගත්ත අය කියලා කියන්නේ හොර වෙද්දුන්ට...එහෙම හොයා ගත්තානම් ලෙඩෙ හොදකරලා පෙන්නන්න.

:       0       0

සමන්Tuesday, 05 May 2020 05:14 AM

නොදන්න දේවල් දොඩවන්නෙ උන්නැහේම තමයි.

:       0       0

abaranTuesday, 05 May 2020 12:04 AM

රටකට නායකයෙක් කියලා පත් කරන්නේ මොකටද.?

:       0       0

ලසන්ත Tuesday, 05 May 2020 12:28 PM

ලෝකෙට ලොක්කා ලෙසට සිටින කෙනෙකුට ගැලපෙන කථාවක්ද මේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site