ලෝක ආර්ථිකය කඩා වට්ටමින් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සාමාජික රටවල් එකඟතාව පළ කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සත්‍ය වසං කළ බවත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවටත් ඇතැම් පාර්ශවවලින් චෝදනා එල්ල වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි ලෙස විවේචනය කරන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ඉතිහාසයේ පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික ලෝක සෞඛ්‍ය සමුළුව අන්තර්ජාලයේ සහාය ඇතිව විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (18) පැවැත්විණි. චීන ජනාධිපති ෂී ජින්පින්ග් ද එම සමුළුව අමතමින් චීනය විනිවිදභාවයෙන් සහ විවෘතව කටයුතු කළ බව ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් ව තිබූ අතර ඒ අනුව ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් ‘‘අපක්ෂපාතී, ස්වාධීන සහ පුළුල් ඇගයීමක්’’ කරන ලෙස ඉල්ලමින් අදාළ යෝජනාව ඉදිරිපත් වී තිබිණි. කොවිඩ්-19 වසංගතයට සහ ඒ නිසා ඇති වූ ජාත්‍යන්තර අර්බුදයටත්, ඊට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළුව දැක්වූ ජාත්‍යන්තර සංවිධානය සම්බන්ධයෙනුත් මේ අනුව විමර්ශනය කෙරෙනු ඇත.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූවා යැයි සැලකෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් සහ පරිපාලන ප්‍රදේශ 219කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂයකට ආසන්න වී ඇත. ලොව පුරා ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අද (19) පස්වරු 6.30 වනවිට 49,20,449ක් වූ අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 19,28,023ක් විය. ගෝලීය වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 3,20,675ක් විය.
රොයිටර්/ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 04
233
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනාවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ ප්‍රතිචාරය ගැන විමර්ශනයක්