( ටී.කේ.ජී.කපිල )
කටාර් රාජ්‍යයේ සිට හෙට (26) දින ශ්‍රී ලාංකිකවට රැගෙන ඒමට සැලසුම් කර සිටි පිරිස මෙරටට ගෙන ඒම තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .
කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 5/19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට පමණ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
හෙට (26) දින අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට සැළසුම් කර තිබුණි.
මේ අතර ඉකුත් 5/19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින් , සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් අද 25 දින පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසීය .
එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු අප්‍රිකාවේ මාස දෙකක පමණ කාළයක් රැදී සිටි ශ්‍රී ලාංකිකයෙකු අද 25 දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යායානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔහු අද 25 දින රාත්‍රී 6.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ තාක්ෂණික නිනිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු වන අතර , වැඩිදුර පුහුණුවක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් සිටියදී , මෙසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී එරට තුළ කොටු වී තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අසාධාරණ තීරණයක්. කොරෝනා ලේකම් කාර්යාලය කියන දේවල් පරස්පරයි. 1. දුම්රිය මගින් 16,000ක් ලියාපදිංචි වුනාලු දුම්රියෙන් යන්න. ඔවුන්ට කොරෝනා නැහැ කියලා සහතිකයක් දෙන්න පුලුවන්ද? 2. මඟුල් ගෙදර 100ක් වැනි විශාල සංඛ්‍යාවක් සහභාගී වෙන්න පුළුවන්ලු. ඔවුන්ට කොරෝනා නැහැ කියලා සහතිකයක් දෙන්න පුලුවන්ද? 3. බාර් ඇරියහම ආපු දිග පෝලිම් වල හිටපු මිනිස්සුන්ට කොරෝනා නැහැ කියල සහතිකයක් තිබුනද? 4. ගුවන් හමුදාවේ ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යුක්රේනයේ ඉඳන් යුක්රේන ජාතිකයන් පිරිසක් ගෙන්න ගෙන ඔවුන් නිරෝධායනයත් කරලා ඊට පස්සේ වාර්තාවක් ගන්න තරම් ලොකු හදිස්සියක් තියෙන කොට ඔවුන්ට කොරෝනා තියෙයි කියලා කලින් උපකල්පනය කලේ නැත්තේ මොකද? 5. අසනීප සීෂෙල්ස් ජාතිකයන් ගුවන් යානාවකින් ගෙන්න ගෙන මෙහෙ නවත්තගන්න කොට ඔය පෙර විපරම නැති වුනේ මොකද? පුළුවන් කාලේ හම්බකල සියල්ල රටට එවපු මැදපෙරදිග ඉන්න අසරණ කාන්තාවන්ට කුඩම්මාගේ සැලකිලි. රටෙන් පිටට විදේශ විනිමය යවපු අනිත් රටවල ඉඳන් ආපු මිනිස්සුන්ට රාජකීය සැලකිලි. මේ පරස්පරයට ඇත්ත හේතුව මොකක්ද? චන්ද කඩන්නද?
පව් වැඩේ, ආණ්ඩුව මේ කට්ටිය ගෙන්න ගන්න ඕනේ, මෙහෙ කට්ටිය පඩිත් නැතුව ඉන්නේ. මෙච්චර කල් ලංකාවට සල්ලි යැව්වේ මේ කට්ටිය තමයි.. නැතුව යුරෝප් වල ඉන්න කට්ටිය නෙවෙයි.
ශ්රී ලාංකික ඔවුන්ව කටාර් රාජ්‍යයේම නවතින්නට සලස්වා, සීෂෙල්ස් වැනි රටවල කොරෝනා වැළඳී ඇති, විදේශිකයින්ව ගෙන්වා ගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමයි කළ යුත්තේ. එහෙම නැතිව අපි කොහොමද ලෝකෙන් උතුම් ජාතිය වෙන්නේ?
රට විරුවන්ට එපාවෙලාවත්ද?
ඒ අය ගෙන්වන්නේ නැතිනම්, එහි සිටම නිරෝධායනය කරවීමට පියවර ගන්න. එමෙන්ම, තානාපති කාර්යාල මගින් ඔවුන්ගේ උවමනා එපාකම් සොයා බලන්න. පව් නේ....
මැදපෙරදිග අතරමන්වෙලා ඉන්න අපේ සහෝදර විදේශ ශ්‍රමිකයෝ බඩගින්නේ... ලෙඩවෙලා... දුක්විඳලා හිරගෙවල් වල මැරෙන්න ඉඩ දෙන්න එපා. ඔවුන්ව වහාම රටට ගෙන්වා ගන්න. ඔවුන් එහෙ දුක්විඳින කොට අපි මෙහෙ සැප විඳලා තේරුමක් නැහැ.. මැරෙනවා නම් කට්ටියම එකට මැරෙමු.. ඔවුන් එහෙ මැරිලා වැටෙන කොට අපි මෙහෙ ඉඳන් කොරෝනා මර්ධනය කරා කියලා පාරම්බාන එකේ තේරුමක් නැහැ. කරදරයක් වූ අවස්ථාවක ඔවුන්ට රටට එන්න තිබෙන පුරවැසි අයිතිවාසිකම් කප්පාදු කරන්න එපා...
විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ රටේ, ගමේ නිවසට පැමිණීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ අයිතිවාසිකම වලක්වන්න කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ. ඔය රට ඉන්න මිනිස්සුන්ව ගේන්න එපා කියලා කෑගහන ගොඩක් අය සහනාධාරවලින් ජීවත්වෙන අය. රට ඉන්න කිසිම කෙනෙක් රජයේ මුදල්වලින් යැපෙන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙක්ට වඩා විදේශගත ලාංකිකයින්ට ඕනෑම දුෂ්කර මොහොතක ලංකාවේ තමන්ගේ ගෙදරට එන්න අයිතිය තියෙනවා. ඒ වගේම ඒ මිනිස්සුන්ට ලෙඩ හැදිලා නම් රජයේ මුදල් වලින් ඒ මිනිස්සුන්ව හොඳ කරන්නත් ඕනෑ. මේ මිනිස්සු එක්කෙනෙක්වත් රජයේ මුදල් වලින් පින් පඩි ලබන අයවත්, සහානාධාර ලබලා රටට බරක් වෙලා ජීවත් වුණු මිනිස්සු නෙමෙයි. ඒ නිසා තමන්ට එන්න හිතුනොත් කොරෝනා නෙමෙයි ඊට එහා ලෙඩක් හැදුනත් එන්න අයිතිය මේ මිනිස්සුන්ට තියෙනවා. පිනට කකා බිබී රටට බරක් වෙච්ච, එ්ත් මැරෙන්න බය අයගේ කතාවලට යටවෙලා මේ වගේ වටිනා මිනිස්සුන්ව ගෙන්වන එක නවත්වන්න කිසිම රජයකට බැහැ.
මේ රටවලට මින් ඉදිරියට කම්කරු හා ගෘහසේවිකා රැකියා සඳහා යැවීම නොකළ යුතුයි. මොවුන්ට රෝගය ඇති බව දැනගෙනම අනාරක්ෂිතව පිටත් කළා. කොතරම් මුදල් තිබුණත් වැඩක් නෑ අමනුස්සයින් නම්. මොවුන් කොතරම් වැරදිකරුවන් වුනත් අඩුතරමින් PCR ටෙස්ට් එකක් වත් අඩුම තරමින් කරලා එවන්න තිබුණා. ගුවන් යානයේ ,ගුවන්තොටුපලේ සහ හමුදාවේ විශාල පිරිසක් මේ නිසා වෛරසයට නිරාවරණය වුණා.
ලංකාවේ හරිහැටි නිරෝධායන ක්‍රමයක් තියන නිසා මරණ සංඛ්‍යාව අනිත් රටවල් දිහා බලනකොට ඉතාම පහළ තත්වයක තිබෙන්නේ... දැන් මේ අතරමන් වෙලා ඉන්න පිරිස නොසලකා හැරියොත් එම මිනිසුන්ට කරන අපරාධයක්....
දිනපතා විදේශ පුවත් එවීම සඳහා ක්‍රමයක් දන්වන්න. ස්තූතියි..!!!
මැදපෙරදිග ඉන්න සහෝදර ජනතාවගෙන් ඉල්ලන්නේ.., කරුණාකර ලංකාවට දැන් සල්ලි යවන්න එපා... ඔබේ මෙහෙ ඉදිරි වියදම් සඳහා තියාගන්න. ලංකාවේ ආණ්ඩුව අපේ ගැහැණු දරුවෝ බලාගනීවි.. මෙහෙම කියන්න හේතුවුණේ ලංකාවෙන් අපිට එන්න දෙන්නේ නැති හින්දා... හිතලා බලලා තීරණයක් ගන්න.
ඔය කටාර් වල සවුදියේ ඉන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට ලෙඩ හැදුනම ඒ රටවල හරියට බලන්නේ නෑ. ඔහේ මැරෙන්න අරිවී. ඒක හින්දා ඒ රටවල ඉන්න අහිංසක මිනිස්සු ලංකාවට ගෙනවානම් හරි නේද ? ගෙනල්ලා නිරෝධායනය කරලා යැව්වනම් හරි. අපේ රටේ මිනිස්සුන්ට වෙන රට වල බල්ලෝ බළල්ලු වගේ ඉන්න නොදී ඒගොල්ලෝ ලංකාවට ගෙන්න ඕනේ.
සීෂෙල් ජාතිකයන් ගෙන්න ගන්නවා. අපේ මිනිස්සු ගෙන්න ගන්න තමයි බැරි . මහා තිරිසන් මිනිස්සු දැන් ආණ්ඩු කරන්නේ. සල්ලි කිව්වම ඕනම දෙයක් පාවලා දේවී.
නලින් මහත්මයාගේ අදහස හරියට හරි.., විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය වෙලා රට ගිය අපේ දුප්පත් පුරවැසියෝ අරාබිකරයේ අතරමන්වෙලා, දුක් විඳලා, ලෙඩ වෙලා මැරෙන්න අරින්න එපා. එ්ක මහා අපරාධයක්..., ලෝකේ සියලුම රටවල් අතරමංවෙලා ඉන්න තම පුරවැසියන් ගෙන්වාගන්න කටයුතු කරන මෙම අවස්ථාවේ අපි දොර වහන්න හොඳ නැහැ. මොවුන් කෙසේ හෝ ලංකාවට ගෙනත් නිරෝධායනය කර රට තුළට අරගන්න ඕනේ. යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ව රැකියාවෙන් ඉවත් කොට පිටුවහල් කරන්න එම රටවල් ක්‍රියාකරන්නේ නැහැ. නමුත් අරාබි රටවල් එහෙම විදේශ ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නැහැ... රටින් පිට වෙන්නේ නැතිනම් නම් හිරේ හරි දමනවා. එතකොට අපේ මිනිස්සු ලෙඩවෙලා මැරෙන තිබෙන සම්භාව්‍යතාවය ඉතා ඉහළයි. අසීරු අවස්ථාවක තම රටට එන්න පුරවැසියන්ට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක්... ආගන්තුක සත්කාර අතින් ලෝකේ ඉහළින් සිටින රටක් බව කියමින් පාරම්බාන අපි, අපේ පුරවැසියන්ටවත් දුකේදී පිහිට වෙන්නේ නැහැ... හරිම කණගාටුදායක තත්වයක්...