( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ මහත්මිය පැවසුවාය .
රෝගී කාන්තාව දුම්මලසූරිය දිවුරුම්පොළ පදිංචිකාරියක වන අතර ඇය දරුවන් පාසල් යැවීම සඳහා කැකුණගොල්ල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටියදී මෙම රෝගයට ගොදුරුව ඇති බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවාය.
එබැවින් ඇය දිවුරුම්පොළ සහ කටුපොත ප්‍රදේශවල ආගිය තැන් පිළිබඳව තොරතුරු සොයා බලන බවද කීවාය .
මෙම කාන්තාව පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගී පුද්ගලයාගේ සොයුරිය බවද ඔහු කැකුණගොල්ල නිවසට පැමිණීමෙන් පසුව ඇයටද ඔහුගෙන් වයිරසය ආසාදනය වී ඇති බවද අමරසිංහ මහත්මිය සඳහන් කළාය .
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කටුපොතට පිවීසීම අවහිර කරයි