IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඕස්ට්‍රේලියාව විදේශිකයන්ට සිය දේශසීමා වසා දමයි

කොරෝනා වයිරසය ආසාදිත මරණ 6 ක් ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර වයිරස් ආසාදනය වූ පුද්ගලයන් 600 දෙනෙකු පමණ සිටින බව තහවුරු කරගෙන ඇත.  

කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය අනෙක් රටවල් හා සසඳන විට සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් බවයි.

මෙම ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ ය.

ඕස්ට්‍රේලියානු නොවන සියලු වැසියන්ට සිකුරාදා (20) රාත්‍රී 9.00 සිට  රට තුළට ඇතුළුවීම තහනම් කරන බව ද හෙතෙම පවසයි.

මොරිසන්ගේ කාර්යාලය පැවසුවේ තහනම දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන බවයි. 

අසල්වැසි නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් ද විදේශිකයන් සඳහා දේශ සීමා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර එය අද (19) සවස ආරම්භ වේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාව විදේශිකයන්ට සිය දේශසීමා වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31066 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13208 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site