IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය.

ලබන මාසය වනවිට හෝ රටවල් දෙක අතර සංචාරක හා ගමන් බිමන් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිට ඒ සඳහා සැලැසුම් සකස් කරමින් සිටින බවත ඇය කීවාය.

‘පුළුවන් තරම් ඉක්මනින් රටවල් දෙක අතර ගමන් බිමන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රටවල් දෙකම මේ සූදානමින් සිටිනවා. දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සැලැසුම් සකස් වෙනවා’’ යැයි මාධ්‍යවේදීන් අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවාය.

‘සංචාරක බුබුළක්’ නිර්මාණය කිරීමට දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වී ඇත. ඒ අනුව අනිවාර්ය දින 14ක කොරෝනා වයිරසය නිරෝධායනය ක්‍රියාවලියට යොමු නොවීම රටවල් දෙක අතර සංචාරය කිරීමටත් ගමන් බිමන්වල යෙදීමත් ඔස්ට්‍රේලියානුවන්ට සහ නවසීලන්ත වැසියන්ට අවස්ථාව උදා වේ.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අන්තර්ජාතික සංචාරක හා ගමන් බිමන් කටයුතු සියල්ල ඇණ හිටිණි. එහෙත් ඒවා නැවත ආරම්භ කිරීම සඳහා ‘සංචාරක බුබුළු’ නිර්මාණය කිරීමට ලෝක නායකයෝ පියවර ගත්හ.

‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙක අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය. ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ.

ද ගාඩියන්/රොයිටර්

055



අදහස් (1)

ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී

eresh S kumara Wednesday, 27 May 2020 10:23 AM

පාලනය කරන්න පුළුවන් ඕනිම දෙයක් කළාට කම් නැත..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site