(ශාන්ත චන්ද්‍රසිරි)
කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොරෝනා වයිරසය පැමිණීමේ අවදානමක් ඉදිරි සති කිහිපයේදී ඇතිවිය හැකි බව තලවකැලේ - ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ආරක්ෂක අංශවලින් ලබා ගන්නා ඇඳිරි නීති බලපත්‍රය උපයෝගි කරගෙන උඩරට එළවළු ලොරි රථ මගින් කොළඹ මැනිං වෙළෙඳ පොල වෙත රැගෙන යන බවත් පසුව එම ලොරි රථවලට කොළඹ හරස්වීදිවලින් වෙනත් භාණ්ඩ පටවාගෙන රැගෙන එන බවත් මේ වනවිට මැනිං වෙළෙඳ පොල ආශ්‍රීතව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වී ඇති බවත් ඒ මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කය රැකගැනීම වෙනුවෙන් උඩරට එළවළු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ සඳහා පොලිස් අවසර පත්‍රයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලිඛිත අවසරයක්ද සහිතව සිදු කිරීමට පියවර ගන්නේ නම් මෙම අවදානම් අවස්ථා අවම කර ගැනීමට හැකියාව ඇති බවද අබේගුණරත්න මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘එළවළු ප්‍රවාහනය කරන ලොරි වලින් නුවරඑළියට කොරෝනා එන්න පුළුවන්‘‘
Kolithahimi [email protected] Thursday, 02 April 2020 12:36 PM
කොහොම හරි ඔයාලගේ දිස්ත්‍රික්කයවත් ආරක්ෂා කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා...