කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ විදේශගත ලාංකිකයින් සදහා විදේශ සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇතයි එම අමාත්‍යාංශය කියා සිටී.
‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර්ජාල සබදතාව ඔස්සේ මෙතෙක් ලැබී ඇති විමසීම් 700 කින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නැවත මෙරටට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් යැයිද එම අමාත්‍යාංශය පෙන්වාදෙේ.
කෙසේ වෙතත්, රජය විසින් ඉකුත් 27 වැනිදා විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමට අනුව, කොරෝනා ආසාදනය වීමේ අවදානම අවම වන තෙක් සහ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වාගන්නා තෙක් ඔවුන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින ලද අතර, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ක්ෂණික ගැටලු සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම සහ විසඳුම් ලබා දීම පිණිස මෙම අමාත්‍යාංශය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ජාලය හරහා පියවර කිහිපයක් ගෙන ඇත.
ඒ යටතේ ලාංකික ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ සුභසාධනය, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, රැකියා විරහිතයින්ට මූල්‍ය ආධාර නොමැතිකම, වැටුප් නොගෙවීම, වාණිජ ආයතන වසා දැමීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී සිදු කෙරෙන නිරෝධායනය පිළිබඳ ප්‍රශ්න යනාදිය, අනෙකුත් පොදු විමසීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
එම අධ්‍යාපන ආයතන, ශ්‍රී ලාංකික සිසුන් හා ශිෂ්‍ය ප්‍රජාව සමඟ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ සුභසාධනය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද මෙම දූත මණ්ඩලවලට උපදෙස් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.
තවද මැදපෙරදිග හා ආසියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල සත්කාරක රජයන් සමඟ එක්ව විදේශගත ශ්‍රී ලාංකික සේවකයින්ට හැකි තාක් දුරට සාධාරණ සැලකිල්ල හා සහන ලබා දීම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් , වැටුප ගෙවීමට අදාළව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සොයා බලන බව අමාත්‍යාංශය කියයි.
පවතින තත්ත්වය හමුවේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ ආධාර අවශ්‍ය වන ශ්‍රී ලාංකිකයින් සඳහා ආධාර සැපයීමේ දී ශ්‍රී ලාංකිකයින් විසින් පිහිටුවා ඇති ශ්රී ලංකා සංගම්, සංවිධාන සහ පූජනීය ස්ථාන සමඟ සම්බන්ධ වන ලෙස ද අමාත්‍යාංශය විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට දැනුම් දී අැත.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණට කළ මෙම සජීවී අන්තර්ජාල සම්බන්ධතාවය විදේශ සබදතා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද ඊට පිවිසිය හැකිය. එමඟින් ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනම නිලධාරීන් කණ්ඩායමක් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යොදවා ඇත.

COMMENTS
මමත් ඉන්නේ විදේශගතව.. නමුත් මේ තත්වය පහව යන තුරු කොරෝනා වලින් මලත් ලංකාවට එන්නේ නෑ. කවදා හෝ අපි එන එක රටට හා අපේ පවුලේ අයට යහපතක් වෙනතුරු මෙහිම ඉන්නවා.
මේ සිදුවීම්වලින් පසුවවත් අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට වල කපා කාලකන්නි සතුටක් ලබන දොස්තර සංගමේ මහා ඇත්තන් සහ විශ්ව විද්‍යාල සිසු සමිතිත් රතු මල්ලිලත් හිතට ගත්තොත් හොඳයි. අපේ රටේ මුදල් සහ සම්පත් නිකරුනේ නාස්ති කිරීම වලකන්න. වැඩිපුරම විදෙස් විශ්ව විද්යාල මේ ටික කාලේ පෙනුණු විදියට නම් අපිටත් අන්ත රටවල ඒවා. අර නේපාලේ එහෙම. ඒවාට දොස්තර පැටවුත් යවල තිබුන. දැන්වත් මොලේ ඇති විදියට වැඩ කරලා මෙහිම අධ්‍යාපන ආයතන පටන් ගන්න උදව් දෙන්න.
ලලිත් මහත්මයාගේ අදහස් මමත් අනුමත කරනවා. ලංකාවේ සෛටම් එකේ ඉගැන්නුවේ රජයේ වෛද්‍ය විද්‍යාලවල උගන්වන ආචාර්යවරු , නේපාලෙ කියන්නේ අධ්‍යාපනය අතින් අපට පහල තත්වයක තිබෙන රටක්... වෛද්‍ය සංගමයට සෛටම් සිසුන්ගේ ප්‍රමිතිය මදිය. නමුත් නේපාලෙ බැරිනම් ඉතියෝපියාවෙන් විද්‍යා උපාධියක් ලබන දොස්තරලගේ ප්‍රමිතිය හොඳය. රතු මලිල්ල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා නොකරති... ඔවුන් කරන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අහිංසක දරුවන්ට, නවක වදය කියමින් අඩම්තේට්ටම් ඇතුළු දස වදයම දීල ඔවුන්ට විශ්ව විද්‍යාල එපා කිරීමයි.
ලංකාවට තියෙන ආදරේට වෙන්න ඇති එන්න හදන්නේ.. අනිත් වැඩ නවත්තල හරි ගෙන්න ගන්න වෙයි. ඡන්දේ දාල යන්න ආපු අයත් ඇතිනෙ...
ශ්‍රී ලාංකිකයෙක්ට ශ්‍රී ලංකාවට එන්න ඇයි අවසර ඉල්ලන්නේ ? ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින්ගේ රට නේද ?
ශ්‍රී ලාංකිකයෙක්ට ශ්‍රී ලංකාවට එන්න අවසර කුමටද?
මම මෙතන රතු මල්ලිලා යනුවෙන් හැදින්වේ... අන්තරේ නොහොත් සිසුන්ගේ අනාගතය කුරුටුගාන පෙරටුගාමීන් . මොවුන් ඉටු කරන්නේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්න. ඕස්ට්‍රේලියාවේ කොන්ත්‍රාත් එකක් , මම මේක කියන්නේ සාක්ෂි සහිතව ඔය පෙරටුගමින්ගේ නායකයා වන ගුණරත්නම් කියන මනුෂ්‍යයා ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ වන අතර ඔහුගේ දරුවෝ ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල... ඔහු ලංකාවේ දේශපාලනය කරන්න ඇවිත් පැහැරගෙන යමකට ලක්වු වෙලාවේ ඔහුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයයි.
රතු බිස්නස් එක. සාර්ථකව පවත්වාගෙන යන කර්මාන්ත ශාලා වලින් සූක්ශමව කප්පන් ලබා ගැනීම. වෘත්තීය සමිති ලොක්කව අල්ලා ගන්නවා. ඉල්ලීම් කීපයක් දාලා වැඩවර්ජනයක් පටන් ගන්න කටයුතු සූදානම් කරනවා. කර්මාන්ත ශාලාව අඩපණ කරනවා. ගොට්ටෙක් දාලා අයිති කාරයගෙන් කප්පන් අරගෙන ආපහු වැඩ පටන් ගන්න කියලා සේවකයන්ට කියනවා.
එක දමිලයෙකුට එන්න දෙන්න එපා...