(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ , ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද(4)දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි
මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.
ඒ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සඳහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම විශේෂ ගුවන් යානය අද 04 දින අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය .
මෙම ගුවන් යානය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර , ඒ තුළ කාර්යය මණ්ඩලය පමණක් සිටියහ .
මෙම ගුවන් යානය 04 දින උදෑසන 10.40 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස නම් අප ඒ පැලැන්තියට අයිති නොවීමයි.....
හොඳ වෙලාවට සල්ලි ගෙවලා නිරෝධනයට යන්න හොටෙල් ටික ලෑස්ති කරල දුන්නෙ. පව්නෙ නැත්නම්. එංගලන්තයේ ඉදලා ඇවිත් කන්දකාඩුවල ඉන්න අමාරු වෙයිනේ. තොරතුරු දැන ගැනීමේ පනතින් බැරි වෙයිද මේ ආපු ශිෂ්‍යයන්ගේ නම් ලැයිස්තුව ගන්න. එහෙම උනා නම් බලාගන්න තිබුනා අනිත් රටවල් ඔක්කොම මග ඇරල ලන්ඩන් වලට ෆ්ලයිට් දෙකක්ම යවල ගෙන්න ගත්ත අය කවුද කියලා.
මේ එන්නෙ ඉගෙනගන්න ඒරොප්පෙ ගියපු අපේ පුංචි හාමු මහත්තෑල ටික. අරාබියෙ ගිය අය වගේද? පරිස්සම් කොරගන්න එපෑ..?
ගෙන්වාගැනීම අගය කරමු. මාගෙ උනත් දරුවොනෙ. රත්තරං හැන්දෙයි පිත්තල හැන්දෙයි පොල්කටු හැන්දෙයි වෙනස විතරක් හදුනාගමු. අපිත් ආසයි එන්න හැබැයි ස්‍රිලන්කන් එන්නෙ නැහැ.. අපි එක්ක යන්න කවදාහරි ගුවන්තොටුපලවල් විවූර්ත උනාම කටාර් එමිරේට්ස් පිහිට තමයි... අවුලක් නැහැ පහත් තැනින් යයිගලා ජලේ කියල අවුරුදු 70ක් පුරාවටම ගියා වගේ මතුවටත් පෝලිමෙ ගිහින් කතිරෙ ගහමු..
මහවුන්ගේ පොඩි අයගේ අරාබියේ ඉන්න හිගන්නෝ හිටපුවාවෙ.. ඔනනම් වෙලාවට ගෙන්න ගන්නම්...
පිටරට ඉදන් ඇවිත් කොහොමහරි මනාපේ දීල 2\3 අරන් දීලා යනවා...
මේ ලෝකෙම මිනිස්සු ජීවිතයයි, මරණයයි අතරේ සටනක ලංකාවෙන් ගිය මොලේ කොලොප්පන් ගොන් ශෝ කාරයො කට්ටියකටයි, කෝට් දාගෙන, ගුවන්තෝටුපලේ ඇවිදිනවා දැක්කහම හිනාගියා...
මාලදිවයිනෙහි ඉන්නවා වැඩ කරන්න ගියපු අය හිරවෙලා කෑම බීම නෙතිව. ඒ අයව ගන්න කිසිම උවමනාක් නෑ. ව.කි.මී.23000 ක් ජීවත් වෙන ලෝකයේ වැඩිම ජනගනත්වයක් ඇති රටක දැනට වේගයෙන් කොරෝන පැතිරෙනවා. දවස් 10 ට 527 ක්. මාලේ තියෙන්නේ හොස්පිටල් 3. මිනිස්සු 1000 කට 1 දොස්තර කෙනෙක් ඉන්නේ.
හැමෝම කැගහනව එරොප්පෙ ගිය කට්ටිය, අරක මේක කිය කිය, පිටරටවල ඉගන ගන්න ගිය අය... හැබැයි ඒ අයට අමතක වෙච්ච දෙයක් තමයි, ලන්කාවේ හිටපු සහ ඉන්න බහුතරයක් උගත් පිරිස්, ලන්කාවෙ නම බබලවන අය විදෙශයන්හි උසස් අධ්යාපනය ලබපු අය බව. ගුනපාල මලලසේකර, නාසා වල සේවය කරන මහාචාර්ය සරත් ගුනපාල ඇතුලු ඉන්ජිනෙරුවරුකිහිප දෙනෙක්, සහ තවත් බොහෝ ඩොක්ටර්ස් ල, මේ හැමෝම රට බබලවන අය. ඒ අය ගිහින් විශේශ දේවල් කලාම නම් ලොකුවට පොස්ට් දානවා රටට ආඩම්බරයක් කිය කිය, හැබැයි රට ගිහින් ඉගෙන ගන්න අයට කැ ගහනව
මේ අය ගොඩක් දෙනෙක් ශිෂ්‍යත්ව සදහා ආණ්ඩුවෙන් ගිය අය පවුල් පිටින් ගියේ ,එහෙදි ආවරණය ලැබුනේ ශිෂ්‍යත්වය හිමි කෙනාට පමණි.. පව්ලේ ඉතුරු අය මුදල් ගෙවා ආවරණය ලබා ගත යුතුය. පවුල් පිටින් ගියේ ශිෂ්‍යත්වයෙන් පසු ලැබෙන අවුරුද්දක කාලය අතර තුර රැකියාවක් සොයා ගෙන නවතින්න වැඩේ ලෙඩේ වෙනකොට අදාල VIDEO දාලා එනවා...
ඉතා පහත් ක‍්‍රියාවක්...