IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඌවේ මූලික රෝහල් 6ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි

එෆ්.අස්ලම්

කොරෝනා වයිරසය පැතිරීමේ අවධානම මත බදුල්ල පළාත් මහ රෝහලට අමතරව ඌව පළාතේ මූලික රෝහල් හයක්  කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සූදානම් කර තිබෙන බව  බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය රොහාන් මාපා මහතා සදහන් කලේය.

ඒ අනුව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පවතින මහියංගණය,දියතලාව සහ වැලිමඩ යන මූලික රෝහල් ත්‍රිත්වයත් මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පවතින වැල්ලවාය,බිබිල සහ සියඹලාණ්ඩුව මූලික රෝහල් ත්‍රිත්වයත් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යාථාන වශයෙන් මෙලෙස සූදානම් කර තිබෙන බවද හෙතෙම කීය.

කොරෝනා වයිරස පැතිරීම  රටතුළ අවදානම් තත්වයක පැවතීම මත හදිසි අවස්ථාවක මුහුණ දීමේ විකල්පයක් වශයෙන් මෙම පියවර ගෙන තිබෙන බවත් මධ්‍යම රජයෙන් සහ ඌව පළාත් සභාවෙන් ඒ සදහා සියළු පහසුකම් සලසා දී තිබෙන බවත් හෙතෙම සදහන් කළේය.

ඌව  පලාතේ ස්ථාපිත කර ඇති එකම  කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර යම් හෙයිකින් බදුල්ල රෝහලේ ස්ථාපිත එම මධ්‍යස්ථානයේ ආසාධිතයින් ධාරිතාව ඉක්ම ගිය අවස්ථාවකදී අළුතින් ස්ථාපිත කළ නව ප්‍රතිකාර  මධ්‍යස්ථාන ප්‍රයෝජනයට පීඩාවකින් තොරව ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම මෙහි අපේක්ෂාව බවත් අධ්‍යක්ෂවරයා  සදහන් කළේය.

එමෙන්ම දිවයිනේ සෙසු පලාත් හා දිස්ත්‍රීක්කවලට සාපේක්ෂව ඌව පලාත හෝ බදුල්ල දිස්ත්‍රීක්කයට විරසයෙන් දැඩි අවධානමක් තවමත් නැති බවත්  කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සූදානම් කළ මූලික රෝහල් 06 හි දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෛද්‍යවරුන් ප්‍රමුඛ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම මධ්‍යස්ථාන සදහා  පත්කර තිබෙන බවත් බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවසන් වශයෙන් සදහන් කළහ.

 



අදහස් (0)

ඌවේ මූලික රෝහල් 6ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site