සමන් පාලිත නානායක්කාර
ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දිනක වැටුප ජාතික කෝවිඩ් 19 ජනාධිපති අරමුදලට අද (6) දින පරිත්‍යාග කළ බව ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති මූල්‍ය හා පාලන ඩී. එම්. රත්නපාල දිසානායක මහතා පැවසුවේය.
මේ අනුව රුපියල් එක් ලක්ෂ හත් දහස් දෙසිය අටක මුදලක් ජාතික කෝවිඩ් 19 අරමුදලට බණ්ඩාරවෙල සිට බැර කළ බව ඒ මහතා කීය.
කෝවිඩ් 19 වයිරසය පැතිරයාම වැළැක්වීමේ රජයේ වැඩසටහනට දායක වීමේ පියවරක් වශයෙන් මෙම මුදල් පරිත්‍යාග කිරීමට ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය කැමැත්ත පළ කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගේ කළයුතු වැඩක්. මේ වගේ අර ගිය ආණ්ඩුවේ බැදුම්කරය සහ නොයෙකුත් ක්‍රියා මාර්ග වලින් මුදල් වංචා කල දේශපාලුවනම් සතයක් දෙන පාටක් නෑ.