( රංජිත් රාජපක්ෂ )
කොරෝනා පැතිරීමේ අවදානමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව තලවකැලේ නගරයේ රහසිගතව බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එහි සිටි සිසුන් 14 දෙනෙකු අද (20) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.
දිඹුල පතන සහ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි බාහිර පන්ති පැවැත් වු ගුරුවරුන් දෙදෙනා තලවකැලේ නගරයේ උසස්පෙල විෂයට අදාල සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්විමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග සෞඛ්යිය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව එසේ බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති සියළු දෙනාට සෞඛ්ය්ය උපදෙස් ලබාදෙන තෙක් යලිත් බාහිර පන්ති නොපවත්වන ලෙස දැනුම් දි තිබු බවද සභාපතිවරයා පැවසිය.ෙ
අදාල ගුරුවරුන් දෙදෙනා විසින් කිසිදු සෞඛ්යාය නිර්නායකයක් නොපිලි පදමින් ඉතා සුක්ෂම ලෙස බාහිර පන්ති පවත්වාගෙන යන බවට තමන් වෙත ලද තොරතුරක් මත තම නගර සභාවේ මහජන සෞඛ්ය්ය පරික්ෂකවරුන් එම ස්ථානයට යවා සියළු දෙනා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගත් බවද සභාපතිවරයා පැවසිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති අශෝක සේපාල මහතා විසින් තලවකැලේ පොලිසියට දැනුම් දිමෙන් පසු බාහිර පන්ති පවත්වාගෙන ගිය ස්ථාන දෙකම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මුද්රා් තැබු අතර , බාහිර පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14 ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරන්ගේ අධික්ෂණය යටතේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.



COMMENTS
කොළඹ ළමයින්ට තිබෙන පහසුකම් ඒගොල්ලන්ට නැහැ. ඒකනේ මේවගේ දේවල් කරන්නේ... මේකට මොකක් හරි කරන්න වෙනවා..
ඉගෙන ගන්න ආව ළමයින්ට තමයි මෙයාලගේත් ලොකුකම්, කළුතර මහා සෙනගක් පොදිකකා උද්ඝෝෂණයක් කලා දැක්කේවත් නෑ...
එජාපය මේ වෙනකොට හිටියනම් මේ දරුවෝ ගෙවල්වල ඉදන් ටැබ් එකෙන් අධ්‍යාපනය ලබනවනේ.
දරුවන්ට අධ්‍යාපනය දීමට ආරක්ෂිත ක්‍රමයක් හදන්නට ඕනේ..