ඊශ්‍රායලයේ කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බෙනී බ්‍රැක් නම් යුදෙව් නගරය සම්පූර්ණයෙන් අගුලු දැමීමට අද (03) එහි බලධාරීහු කටයුතු කළහ.
ඒ අනුව තෙල් අවිව් නගරයට මදක් ඔබ්බෙන් පිහිටි බෙනී බ්‍රැක් නගරයේ පදිංචිකරුවන්ට දැඩි සීමා පනවා ඇති අතර පිටතට යාමට අවසර ලැබෙන්නේ සුවිශේෂී අවස්ථාවන් හි දී පමණක් බව දැනුම් දී ඇත.
ආරක්ෂක හමුදා, අත්‍යාවශ්‍ය සේවා සහ මාධ්‍යවේදීන් හැර වෙනත් කිසිවකුට නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙයි.
පාලන කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායල හමුදාවේ පැරෂුට් බලකායේ සෙබලුන් ද යොදවා ඇත.
අගුලු දැමීම සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ 200000ක පමණ ජනතාවක් වෙසෙන බෙනී බ්‍රැක් නගරයේ 40% කට පමණ වයිරසය වැළඳී ඇති බවයි.
ඊශ්‍රායලයේ වැඩිම කොරෝනා වයිරස රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ජෙරුසලම් නගරයෙන් වන අතර දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන්නේ බෙනී බ්‍රැක් නගරයෙනි.
ඊශ්‍රායලයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 7030ක් සිටින අතර 37 දෙනකු මියගොස් තිබේ.
කෙසේ වුවද සෞඛ්‍ය අංශ පවසන්නේ රටපුරා තහවුරු කර නොගත් රෝගීන් බොහෝ ගනනක් සිටිය හැකි බවයි.
වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා තවදුරටත් සීමා පැනවීමට සිදුවනු ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අනතුරු අඟවා තිබේ.
එසේ වුවද රජය විසින් වයිරසය මැඩපැවැත්වීම සඳහා නිල ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම කෙරෙහි සමහර අන්තවාදී කොටස් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායලයේ දැඩි ආගමික හේතූන් මත අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය සඳහා ප්‍රවේශය සීමා වී ඇත.
එබැවින් බාහිර ලෝකයෙන් ලැබෙන්නේ සාපේක්ෂව අඩු තොරතුරු ප්‍රමාණයකි.
මේ හේතුවෙන් සමහර දැඩි ආගමික ප්‍රජාවන් තහනම නොතකා යාච්ඥා, විවාහ මංගල්‍ය ඇතුළු සැමරුම් පවත්වති.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය නෙතන්‍යාහු පැවසුවේ වයිරසයේ බරපලකම සම්බන්ධව මහජනයා අතර මේ වනවිට හොඳ අවබෝදයක් ඇතිවී තිබෙන බවත් එය "ධනාත්මක වෙනසක්" බවත් ය.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ ශාපය....!!! පලස්තීනයට, ඒ රටේ ජනතාවට කල අපරාධය පලදෙනවාමයි.. ලෝකයේ හැමතැනම එක එක අම්බ්‍රට්ට වැඩකරලා අන්තිමේදී හැමදාම මෙයා හැඟෙන්නේ ඇමෙරිකාවේ ආරක්ෂාව යටයි. අද නියමෙට කෑවා පරිප්පු .. අද මෙයාගේ ස්වාමියා වන අමෙරිකාවත් ආතක් පාතක් නැතිව අසරණවෙලා.
කල කල ද් පල පල දේ...
ඔය හැමදාම අනුකම්පාව ඉල්ලා බෙරිහන් දෙන අය දැක්කම හිනා යනවා. මාස 5 වගේ පුංචි දරුවොන්ටත් කොරෝනා හැදෙන්නේ ශාපේ නිසාද? ඔය විශ්වාස නිසයි මැදපෙරදිග අර්බුද ඉවර වෙන්නෙත් නැත්තේ, ඔය මිනිස්සුන්ගේ මොලේ පෑදිලා ඒවා ඇදහිල්ල නැවැත්තුව දවසක තමයි මැදපෙරදිග සාමයක් ඇති වෙන්නෙත්, එත් ඉතින් එව්වා හීන, උන් ගේ ටිකක් ඉගෙන ගත්තු උන් කැපිටල් ඒ අකුර දාගෙන අපේ මහා විද්‍යානුකූල ආගමේ හැටි විස්තර කරනකොට ඒවා අහල හිනා වෙලා බඩත් කොර වුන, හප්පා ඒක දේව සාපයක් ද දන්නෙත් නෑ.