(එච්. චන්දන)
කිළිනොච්චි - මුලන්කාවිල් නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 04 දෙනකු හලාවත - ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද (15) ඇතුළත් කළ බව ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය සඳහන් කරයි.
ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියා සමඟ ඇසුරු කළ බවට සැකකෙරෙන මුලන්කාවිල් නාවික හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදී සිටියදී මෙලෙස හදිසියේම පුද්ගලයින් 04 දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඉරණවිලට රැගෙන ගොස් තිබේ.
ජා ඇල ප්‍රදේශයේ පිරිසක් මෙසේ රැගෙන ආ බව ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරු සඳහන් කළහ.
හලාවත - ඉරණවිල ඇමරිකන් හඩ භුමියේදී පිහිටි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල මේ වන විට රෝගීන 05 දෙනකු ප්‍රතිකාර ලබන අතර මෙම නව රෝගීන 04 දෙනා සමඟ මේ වන විට කොවිඩ් 19 සෑදී මෙම ස්ථානයේ ප්‍රතිකාර ලබන සම්පුර්ණ රෝගීන් ගණන 09 ක් බව වෛද්‍යවරු පැවසූහ.


2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරණවිල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පුද්ගලයින් 4 ක් ඇතුල් කරයි